Author: writer

පරිසර අමාත්‍යාංශය සූදානම් වෙන්නේ පරිසරයෙන් වහා ඉවත් කිරීමට නියමිත ආක්‍රමණශීලි ශාක වර්ග කිහිපයක් යොදා ගනිමින් අති ප්‍රබල ස්වභාවික වල්නාශකයක් නිපදවීමටයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් ක්‍රියාත්මක, කාබනික වගා වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය දක්වමින් මේ පියවර ගැනෙන අතර, රසායනික පොහොර භාවිතය තහනම් කිරීම සමඟ රසායනික කෘමි නාශක හා වල් නාශක භාවිතයද මෙහිදී තහනම් කෙරෙන බැවින්, වගාවේ වල් මර්දනයට සුදුසු වල් නාශකයක් නොමැතිවීම නිසා ගොවීන් අසීරුතාවට පත්වීම වැළැක්වීම මෙහි අරමුණ බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි. රසායනික පොහොර සමඟ කෘමි නාශක හා වල් නාශකද තහනම් කෙරෙන බැවින් තේ හා රබර් කර්මාන්තයේදී මෙන්ම වී ගොවිතැනේදී ද අවශ්‍ය තරම් මිනිස් ශ්‍රමය ගැනීමට ඇති අපහසුව…

 4 total views

Read More

අද බස්නාහිර, මධ්‍යම,සබරගමුවසහවයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

 6 total views

Read More

ඊයේ(18) දින තවත් කොරෝනා ආසාදිතයින් 767 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,327 ක්.

 4 total views

Read More

කොවිඩ් මර්දන විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ පවතින සංචරණ සීමාවන්ට යටත්ව රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු බවයි. එසේම, සියලුම වෙළෙඳ සහ ආර්ථික මෙහෙයුම් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළා. මේ අතර කොවිඩි නොවන හේතූන් මත මියයන අයගේ පවුල්වල අය මුහුණ දෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන එවැනි මරණ වල අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. කොවිඩ් නොවන මරණ පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ…

 2 total views

Read More

තමන්ට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කළ විශ්වාසභංග යෝජනාවේ සියලු කරුණු පදනම් විරහිත බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය. බලශක්ති අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගම්මන්පිල මහතා පැවසුවේ තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව පොඩි එකාගේ ලියුම වගේ වැරදි ගොන්නක් තිබෙන පදනම් විරහිත ලියැවිල්ලක් බවයි. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය මෙවැනි ලියවිල්ලක් සකසාවි දැයි විශ්වාස කරන්නත් අමාරු බවත් විශ්වාස භංග යෝජනාවක් සකස් කරන ආකාරය දැන ගන්න ඕනෑ නම් රනිල් වික්‍රමසිංහ, රිෂාඩ් බදියුදීන් සහ රාජිත සේනාරත්න යන ඇමැතිවරුන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනා අධ්‍යයනය කරන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බවත් කීවේය.

 10 total views

Read More

හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධනවලින් ලැබී ඇති ඩොලර් බිලියන දෙකක ලාභය යොදවා ඉන්ධන හෝ බෙහෙත් මිල දී ගැනීමට වයස අවුරුදු 18ට වැඩි පුරවැසියන් වෙනුවෙන් වවුචර් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න ලෙසයි. රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.

 8 total views

Read More

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡාවලදී නිශ්චිත කොන්දේසි සපුරා ගැනීමට අසමත් වීමෙන් පාකිස්තානයට ලෝක බැංකුවෙන් ලබාදීමට නියමිත වූ අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල අනුමත කිරීම කල් දමා ඇතැයි වාර්තා වේ. පාකිස්තාන පුවත් වාර්තා කළේ නියමිත ණය මුදල වෙනුවට ප්‍රතිපත්තිමය වශයෙන් ඩොලර් මිලියන 800ක ණය මුදලක් පමණක් ලබා දීමට තීරණය වී ඇති බවයි. පාකිස්තානය සහ ලෝක බැංකුව අතර ණය මුදල් ත්‍රිත්වයක් සඳහා සාකච්ඡා පැවැති අතර, එක් එක් ණය මුදලක වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 500කි. අමෙරිකානු ඩොලර් බිලියන 17ක විදේශීය ණය මුදලක් ඉදිරි වසර ඇතුළත ගැනීමට පාකිස්තානය සැලසුම් කර ඇති අතර, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි සම්පූර්ණ කිරීමට අසමත් වීම හේතුවෙන් එම සැලසුම්…

 14 total views

Read More

මුම්බායි හි කළු දිලීර ආසාදිත දරුවන් තිදෙනෙකුගේ එක් ඇස බැගින් ඉවත් කිරීමට සිදුව තිබෙනවා. වයස අවුරුදු 4, 6 සහ 14 යන දරුවන් තිදෙනා මුම්බායි හි රෝහල් දෙකක සැත්කම් කර තිබේ.පළමු දරුවන් දෙදෙනා දියවැඩියා රෝගීන් නොවන අතර 16 හැවිරිදි දරුවා කොවිඩ් සුවය ලැබීමෙන් පසු දියවැඩියා රෝගියෙකු බවට පත්ව ඇති අතර ඇගේ බඩේ කොටසක් කළු දිලීර ආසාදනය වී ඇති බව වෛද්‍යවරු පවසති. කොවිඩ් දෙවන රැල්ලෙන් ගැහැනු ළමයින් දෙදෙනෙකු කළු දිලීර රෝගය ආසාදනය වී පැමිණි අතර ඔවුන් දෙදෙනාම දියවැඩියා රෝගයෙන් පීඩා විඳ තිබේ. එක් දරුවෙකුගේ එක් ඇසකට කළු දිලීර රෝගය ආසාදනය වී තිබීම හේතුවෙන් එක් ඇසක් ඉවත් කිරීමට සිදුවිය.වාසනාවකට මෙන් මොලයට පැතිර තිබුනේ…

 10 total views

Read More

නායක කිම් ජොන් උන් ජනතාවට ප්‍රකාශ කර තිබෙන්නේ පසුගිය වසරේ මුහුණපෑමට සිදුවූ ගංවතුර තත්ත්වය සහ සුලිකුණාටු බලපෑම් මත උතුරු කොරියාව ආහාර හිඟයකට මුහුණදීමට ආසන්න මට්ටමේ සිටින බවයි. පසුගිය වසරේ එම ව්‍යවසනවලට මුහුණ පෑමට සිදුවූ අවස්ථාවේ තමා මේ පිළිබඳ අනතුරු ඇඟවූ බවත් ඔහු සිය ජනතාවට සිහිපත් කර දුන්නේය. මෙවැනි පසුබිමකදී උතුරු කොරියාවට දැඩි ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවීම එරට ජන ජීවිතය මුළුමනින්ම බිඳ වැටෙන කරුණක් වනු ඇත. ලොව සෙසු රටවල් සමඟ කිසිදු සම්බන්ධතාවක් නැති උතුරු කොරියාව කොවිඩ් වසංගත සමයේදී එය වඩාත් ශක්තිමත් කරගත්තේය. මේ සාගතයෙන් උතුරු කොරියාවේ පුද්ගලයන් දහස් ගණනින් පිඩාවට පත්වනු ඇතැයි ද, රටේ සමස්ත ජනගහනයෙන් 10% ක් ජීවිතක්ෂයට පත්වනු…

 18 total views

Read More

නිවෙස්වල සිටින වැඩිහිටියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ මොහොතේ වැඩි අවධානයක් යොමු කළ යුතු බව වෛද්‍යවරුන් පවසනවා. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය දිල්හාර සමරවීර පැවසුවේ වැඩිහිටියන්ගේ සුළු හෝ සෞඛ්‍ය වෙනසක් ඇති වූ විගස වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි. මේ අතර ඩෙංගු රෝගය සහ කොරෝනා රෝගයේ සමාන රෝග ලක්ෂණ ද පෙන්නුම් කළ හැකි බවයි වෛද්‍යවරුන් මේ වන විට පවසා ඇත්තේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත් පැවසුවේ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඇති ඕනෑම අයෙකු විශේෂ පරීක්ෂාවකට ලක් කරන බවයි. මේවනවිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සීමා ලබන 21 වනදා තෙක් ක්‍රියාත්මකයි. කෙසේවෙතත්, මෙතෙක් දිනක් තුළ සංචරණ සීමා උල්ලංඝණය කළ වැඩිම පිරිස…

 12 total views

Read More