Author: writer

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 150 total views

Read More

රජයේ සම කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන ආනයනය කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවමින් අදාළ ඇනවුම සම්පූර්ණයෙන්ම අවලංගු කළ බවයි. මෙය වාහන ආනයනය කිරීමට අවස්ථාවක් නොවන බව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට 07 දා යෝජනාවක් ඉදිරිපත් කළ බවත් ඒ අනුව එම වාහන ආනයනය අත්හිටුවීමට රජය මේවන විට තීරණය කර තිබෙන බවත් ඒ මහතා කීය. මධ්‍යම පළාත් සභා ශ්‍රවානාගරයේදී පෙරේදා (12) පැවැති රැස්වීමකින් අනතුවරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. වාහන ආනයනය කිරීම අවලංගු කිරීමට පසුගිය 07 දින තීරණය කිරීමෙන් පසු 08 හා 09 දිනවල අදාළ බැංකු සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධව පැහැදිලි…

 143 total views

Read More