Author: writer
ඉදිරියේදී දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පොල්තෙල් ද පිරිපහදු කිරීම අනිවාර්ය බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා. ඇතැම් පුද්ගලයින් පිටරටින් ගෙන්වන පොල් තෙල් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර නිකුත් කිරීම නිසා වෙළදපොළේ පොල්තෙල් හිගයක් මෙන්ම මිල ඉහළ යාමක් ද පෙන්නුම් කර ඇති බවයි එම මණ්ඩලයේ සභාපති කීර්ති වීරසිංහ සදහන් කළේ. වර්තමානයේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 700 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඉදිරියේදී පොල්තෙල් පෝලිම් ද ඇති විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළා. සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය මීට පෙර සඳහන් කළේ පිටරටින් ගෙන්වන පොල්තෙල් ප්‍රමිතියෙන් තොර බවටයි. එමෙන්ම, දේශීය කර්මාන්ත ආරක්ෂා කළ යුතු පොල් සංවර්ධන මණ්ඩලය, ආනයනකරුවන් වෙනුවෙන් පෙනීසිටීම ගැටලුසහගත බව ද එම…
100 total views
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට සහ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. අමරකීර්ති අතුකෝරළ මහතාගේ බිරිඳට ද කොවිඩ් වැලඳී තිබේ. ඊයේ (24) දිනයේ දී රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැණුනි. ගත වූ දින කිහිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටම කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබුණි. ඒ අනුව සතියක කාලයක් තුළ වෛරසය ආසාදනය වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. සරත් වීරසේකර, ශානක්‍යන් රාසමානික්කම්, සාරතී දුෂ්මන්ත, නාලක කෝට්ටෙගොඩ, රෝහිණි කවිරත්න යන මන්ත්‍රීවරුන්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී…
93 total views
පූර්ණ එන්නත්කරණයට එනම් මාත්‍රා 3ම ලබා නොගත් අයට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශන සදහා සහභාගි වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින සංගීත සංදර්ශනවලට සහභාගිවීමේ හැකියාවක් නොමැති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ. source-hiru
103 total views
ගොඩබිමෙන් වට වූ බටහිර අප්‍රිකානු බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදාව එරට බලය අත්පත් කරගෙන ඇති අතර, ජනාධිපති හොක් කබෝරේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. හමුදා කැරැල්ලේ නායකයා ලෙස සැලකෙන ලුතිනන් කර්නල් ෆෝල් හෙන්රි ඩමීබා විසින් නිකුත් කළ රජය අත්පත් කර ගැනීමේ නිවේදනය හමුදා නිලධාරියෙකු විසින් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ කියවා ඇති බව සදහන්. හමුදාව විසින් බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ බලය මෙලෙස පැහැරගෙන ඇත්තේ ඉස්ලාමීය අන්තවාදීන් මැඩලීමට රජය අපොහොසත් බව පවසමින්. අයි.එස්. අනුගාමික ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් බුර්කිනා ෆාසෝ වෙත පැමිණියේ යාබද මාලි රාජ්‍යයේ සිටයි. කෙසේ නමුත් මෙලෙස හමුදාව විසින් බලය පැහැර ගැනීම අප්‍රිකානු සංගමය මගින් හෙලා දැක ඇති අතර ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් කියා සිටියේ…
239 total views, 1 views today
අද පැවති (25) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී තාවකාලික නිවාසවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක කරන ‘ඔබට ගෙයක් – රටට හෙටක්’ යන නිවාස සංවර්ධන වැඩසටහන වෙනුවෙන් නව කැබිනට් මණ්ඩල තීන්දුවක් ගෙන තිබෙනවා.ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ප්‍රතිලාභී පවුලකට රුපියල් 600,000ක උපරිමයකට යටත්ව ආධාර මුදලක් නිවාස ඉදිකිරීමේ ප්‍රගතිය මත ලබාදෙනු ලබනවා. මෙම ව්‍යාපෘතිය 2020 වර්ෂයේ දී ආරම්භ කිරීමෙන් අනතුරුව ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් රුපියල් ලක්ෂ හයේ ආධාර මුදල මෙම කටයුත්ත සඳහා ප්‍රමාණවත් නොවීම මත එය තවත් රුපියල් 50,000කින් ඉහළ දැමීමට යෝජනා කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්. ඒ අනුව එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු…
93 total views
ශ්‍රී ලංකා කණ්ඩායම ට මුහුණ දෙන ඔස්ට්‍රේලියා විස්සයි විස්ස කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ. එම කණ්ඩායම සඳහා බෙන් මැක්ඩර්මට්, ට්‍රැවිස් හෙඩ්, මොයිසස් හෙන්ද්‍රිකස් සහ ජයි රිචර්ඩ්ස්සන් කැඳවා ඇති බව වාර්තා වෙයි. දෙරට අතර 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ලබන මස පැවැත්වෙයි. ඒ සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට නම්කර තිබේ. ආරොන් ෆින්ච් (නායක)ඇෂ්ටන් අගාර්පැට් කමින්ස් ජොස් හැස්ල්වුඩ්ට්‍රැවිස් හෙඩ්මොයිසස් හෙන්ද්‍රිකස්ජොස් ඉන්ග්ලිස් බෙන් මැක්ඩර්මට්ග්ලෙන් මැක්ස්වෙල් ජයි රිචර්ඩ්ස්සන් කේන් රිචර්ඩ්ස්සන්ස්ටීව් ස්මිත් මිචෙල් ස්ටාර්ක්මාකස් ස්ටොයිනිස් මැතිව් වේඩ් ඇඩම් සැම්පා ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලයින් දෙදෙනෙක් වන ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාර්ෂ් මෙම තරගාවලිය සඳහා කැඳවා නැත. source-derana
328 total views
මේ වසරේදී කොරෝනා වසංගතය මිහිපිටින් තුරන් කිරීමට හැකියාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ප්‍රකාශ කළා. ජිනිවා නුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සඳහා එන්නත් සහ ප්‍රතිකාර සඳහා සමාන අවස්ථා සහතික කිරීමට සියලු රටවල් කටයුතු කළ යුතු බවයි. කොරෝනා වෛරසයේ සහ එහි ප්‍රභේදයන් හි ආසාදිතයන් හඳුනා ගැනීම මෙන්ම අවශ්‍ය සීමාවන් පැනවීම ඒ සඳහා වැදගත් වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ මැද භාගය වන විට ලොව සෑම රටක්ම සිය ජනගහනයෙන් අවම වශයෙන් සියයට 70ක් පූර්ණ එන්නත්කරණයට ලක් කළ යුතු බවයි. ඔහු මේ බව ප්‍රකාශ කරද්දී ගත වූ සතියේ සෑම තත්ත්පර…
190 total views, 1 views today
පෞද්ගලික අංශයත් සමග තරගකාරි ලෙස ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 75කට මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. අද (25) පැවති කැබීනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. කෙසේ නමුත් කිසිදු ආකාරයකින් සහල් මිල වැඩිකිරීමකට යොමුනොවන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම අයුතු ලෙස ඇතැම් ව්‍යාපාරිකයන් විසින් වී කිලෝවක මිල අධික ලෙස ඉහළ දැමීමත් වී මෝල් මාෆියාව නැවැත්වීමටත් සහ රට තුළ සහල් සංචිතයක් තබා ගැනීමටත් අවශ්‍ය බැවින් සහල් ආනයනය කිරීමටද තීරණය කළ බව අමාත්‍යවරයා එහිදී පැවසීය. මේ අතර, 2021/2022 මහ කන්නයේ වී අස්වැන්නේ අඩුවීමක් සිදු වුවහොත් ඒ හේතුවෙන් බලපෑමට…
102 total views
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටින්නේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයින් වෙත ජලය බෙදා හැරීමේ දී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බවයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, මෙම අවස්ථාවේ පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි. මේ දිනවල දිවයිනේ දැනට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම පහළ බැස ඇතැයි ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. එමෙන්ම ජනතාවගේ ජල පරිභෝජනය ඉහළ මට්ටමක පවතින අතර, පානීය ජල සැපයුම සීමා සහිත බැවින් එය සැමට සමසේ බෙදා හැරිය යුතු බැවින් වාහන සේදීම, ගෙවතු වගාව ඇතුළු අත්‍යවශ්‍ය…
86 total views
හිටපු සිම්බාබ්වේ ක්‍රිකට් නායක බ්‍රෙන්ඩන් ටේලර් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තහනමක් පැනවීමට නියමිත බව වාර්තා වෙයි. ඒ ඔහු ඔට්ටුකරුවෙක්ගෙන් ඩොලර් 15,000ක් ලබාගැනීම හේතුවෙනි. ට්විටර් පණිවුඩයක් තබමින් ටේලර් පවසා ඇත්තේ 2019 වසරේදී ඉන්දීය ව්‍යාපාරිකයෙක් වරක් තමාව මුණගැසුණු බවත් එම හමුවේදී මත්ද්‍රව්‍ය භාවිත කළ බවත්ය. එහි වීඩියෝ පෙන්වමින් තමාව අපහසුවට පත්කිරීමට එම ව්‍යාපාරිකයා කටයුතු කළ බවත් වරක් තමා සිටි හෝටල් කාමරයට පැමිණ ක්‍රිකට් තරග පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස බලකරමින් තර්ජනය කළ බවත්ය. සිම්බාබ්වේ හි විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ව්‍යාපාරිකයා කළ ඉල්ලීමක් අනුව ටේලර් ඉන්දියාවට ගොස් තිබුණි. පසුව ඔහු තමාට ඩොලර් 15,000ක් දුන් බවත් ටේලර් පවසයි. තමා එම…
190 total views, 1 views today