Author: writer

සමුද්‍රිය පරිසර ආරක්ෂණ ආධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ටැංකිවල තිබූ ඉන්ධන මේ වනවිට එම ටැංකිවල නොමැති බවට ලිඛිත වාර්තාවන්හි සඳහන් වන බවයි. නෞකාව ගලවා ගැනීමේ සමාගමේ කපිතාන්වරයා සහ මෙරටට පැමිණි අන්තර්ජාතික තෙල් විසිරීම් පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ලිඛිත වාර්තාවේ නිරීක්ෂණවල එය සඳහන් කර ඇති බව ද ඒ මහත්මිය කීවාය. ඇය මේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු‍වේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි. කෙසේ වෙතත් මෙම නෞකාවේ ඉන්ධන මෙට්‍රික් ටොන් 300ක් තිබූ බවත් සඳහන් කළ ඇය ‍නෞකාව ආසන්නයේ ජල සාම්පල ගෙන ඉන්ධන මුසු වී ඇත්දැයි යන්න දිනපතාම පරීක්ෂා කරන බව ද පෙන්වා දුන්නාය.

 20 total views

Read More

බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

 10 total views

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පිරිදි 25% ක වැටුප් වැඩිවීමක් ලබාදීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වැටුප් වැඩිවිමක් හිමිවන්නේ වසර තුනෙන් තුනට වන අතර ඒ අනුව මෙම වැටුප් වැඩිවිම ලබන 2023 වසර දක්වා ක්‍රියාත්මක වනවා. අදාළ නිවේදනය පහතින්,

 42 total views

Read More

මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් තාවකාලිකව නතර කර ඇති බවට පළව ඇති වාර්තා ප්‍රතික්‍ෂේප කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ කිසිඳු අවස්ථාවක මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු නවතා දැමීමට තීරණය කර නොමැති බවයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටවූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉකුත් දා ප්‍රකාශ කර තිබුණා. අදාළ නිවේදනය පහතින්,

 20 total views

Read More

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක බ්‍රසීලයේ දියේගෝ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම ආරම්භ කර ඇත. එම මරණය සම්බන්ධයෙන් මේ වනවිට විශාල සැකයක් ඇතිව තිබීම ඊට හේතුව වේ.  මෙම සුපිරි පාපාන්දු ක්‍රීඩකයා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් වූයේ පසුගිය නොවැම්බර් මස 25වනදාය. ඒවන විට ඔහු 60වැනි වියෙහි පසුවිය.    දියේගෝ මැරඩෝනා ඊට පෙර අවස්ථාවක මොලයේ ශල්‍යකර්මයකට මුහුණ දී තිබුනි. එම ශල්‍යකර්මය හා ඊට පසු ඔහුට ප්‍රතිකාර කළ ආකරය පිළිබඳ බරපතල අර්බුද හට ගෙන ඇති අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට චෝදනා එල්ල වී ඇත.    ප්‍රශ්ණ කිරීම්වලදී මැරඩෝනාට ප්‍රතිකාර කළ වෛද්‍යවරු හා අනෙකුත් සෞඛ්‍ය කාර්යා මණ්ඩල සියලු දෙනාගෙන්ම ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.   …

 22 total views

Read More

ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් රාමේශ්වරන් වෙරළ තීරය හරහා ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට එරට බුද්ධි අංශවලට අනාවරණය වීමත් සමග තමිල්නාඩු ප‍්‍රාන්තයේ හා කේරලයේ ආරක්ෂාව තර කර තිබේ. තමිල්නාඩු ප‍්‍රාන්ත පොලිසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව ඉන්දීය මාධ්‍ය ප‍්‍රකාශ කරයි. ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය මධ්‍යම බුද්ධි අංශය විසින් පසුගිය සෙනසුරාදා පස්වරුවේ අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණි. ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ කන්‍යාකුමාරි, තූත්තුකුඩි, රාමේෂ්වරම් සහ චෙන්නායි යන නගරවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇති බවය. තමිල්නාඩුවේ වෙරළබඩ ප‍්‍රදේශ කරා ගමන් කරන සියලූම ප‍්‍රධාන…

 16 total views

Read More

ගත වූ පැය 24ට නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1356 ක් ඊයේ (14) අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කරයි. පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 33,949 ක් අත් අඩංගුවට ගෙන ඇත.  ඊයේ අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායන රිතී කඩ කිරීම් සම්බන්ධව වැඩිම පිරිසක් අත්අඩංගුවට පත් වූ දිනය වේ. අත්අඩංගුවට ගත් පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සංඛයාව 146කි.   මහනුවරින් 134ක් සහ කුලියාපිටියෙන් 116ක් අත්අඩංගුවට ගෙන තිබේ.

 30 total views

Read More

කිලෝමීටර් දෙකේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්වීමට නොහැකි වීම නිසා ගෙදරට වී සිටින බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. රසල් ආනල්ඩ් සහ නුවන් කුලසේකර සමඟ පැවති ඔන්ලයින් සාකච්ඡාවකට එක්වෙමින් මාලිංග මේ බව ප්‍රකාශ කර තිබෙනවා. මෙම සාකච්ඡාවේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරන අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ අවශ්‍යනම් තමන්ට පැය දෙකක් පමණ එක දිගට පන්දු යැවිය හැකි බවත් පන්දු 200ක් වුවද විකට්ටුව කෙලින් යොමුකළ හැකි බවයි.

 10 total views

Read More

දැනට එංගලන්තයේ පැතිර යන ඉන්දීය කොරෝනා වෛරස් ප‍්‍රභේදය වන ‘ඩෙල්ටා’ ප‍්‍රභේදයේ ප‍්‍රධාන රෝග ලක්ෂණ වශයෙන් හිසරදය, උගුර රිදීම හා නාසයෙන් සොටු දියර ගැලීම හඳුනාගෙන ඇති බව එම වෛරස් ප‍්‍රභේදයට ගොදුරු වුවන් අධ්‍යයනයට ලක් කළ එංගලන්ත වෛද්‍ය පර්යේෂකයන් විසින් ප‍්‍රකාශ කර තිබේ. මෙයට පෙර හඳුනාගත් කොරෝනා වෛරස් ප‍්‍රභේදයන්වල පොදුවේ දක්නට ලැබෙන රෝග ලක්ෂණවලට වඩා මෙම ‘ඩෙල්ටා’ වෛරස් ප‍්‍රභේදයේ රෝග ලක්ෂණ වෙනස් බවත් එම ප‍්‍රභේදය වැළඳුණු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අයෙකුට වෙනත් අයට එය වේගයෙන් පැතිරවීමට හැකියාව ඇති බවත් එංගලන්ත මහාචාර්ය ටීම් ස්පෙක්ටර් පවසයි. ‘ඩෙල්ටා’ වෛරස් ප‍්‍රභේදය තරුණ අයෙකුට වැළඳුණ විට එය නරක් වුණු සෙම්ප‍්‍රතිශ්‍යාවක් වැළඳුනා හා සමාන බවත් මේ හේතුවෙන් අදාළ…

 176 total views

Read More

කොවිඩ් 19 වසංගතය හමුවේ මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට රජය ගත් නිවැරදි තීන්දුව නිසා ඉකුත් මාස පහළොවක කාල සීමාවේදී විදේශ රටවලට ඇදී යෑමට තිබූ රුපියල් කෝටි විසි පන්දහසකට අධික මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබේ. මේ නිසා එම මුදල් රටේ කොවිඩ් වසංගතය පාලනයට යොදා ගැනීමට හැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් මෝටර් රථ ආනයන කරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසීමක දී එ් මහතා කියා සිටියේ වසරකට රුපියල් කෝටි විසිදහසකට අධික වටිනාකමින් යුත් වාහන ප්‍රමාණයක් මෙරටට ගෙන එන බවයි. වාහන ආනයනය නතර කිරීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉකුත් 2020 වසරේ අමෙරිකානු ඩොලර් 45.57 දක්වා අඩු…

 8 total views

Read More