Author: writer
අද (26) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 119 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව පහත සඳහන් ස්ථාන වලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. source-helakuru
64 total views
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මධ්‍යම, සබරගමුව,උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. source-derana
91 total views
විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී නීතිවිරෝධී ලෙස වගා කරන ලද ගංජා හේන් 05ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. තණමල්විල පොලිස් වසමේ ගල්කොටුකන්ද රක්ෂිත ප්‍රදේශයේ දී මෙම වැටලීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම මෙහෙයුම් නුවරඑළිය, මස්කෙළිය සහ තලවකැලේ යන කඳවුරුවල නිලධාරින් සමග ඒකාබද්ධව අධි තාක්ෂණික ඩ්‍රෝන යානා භාවිත කිරීමෙන් අදාළ වැටලීම් සිදු කෙරුණා. තවමත් මෙම ගංජා හේන් වැවූ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන නොමැති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳා එම වගාවන්වලින් ගලවා ගත් ගංජා ගස්වල සාම්පල් 10ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ගිනි තබා විනාශ කළ ගංජා පැළ ගණන 11,700ක්. ඉතිරි සියල්ල…
155 total views
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික හා උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පෞද්ගලික හේතූන් මත රොෂාන් මහානාම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ. හිටපු නායක අරවින්ද ද සිල්වා කමිටුවේ සභාපතිවරයා වන අතර මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර කමිටුවේ සෙසු සාමාජිකයින් වනවා. පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිත PSL (Pakistan Super League) තරඟ සඳහා රොෂාන් මහානාම තරඟ තීරකවරයෙකු ලෙස කටයුතු කරනු ඇති. source-colombotimes
1,761 total views, 1 views today
ලකුණු කළ මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා වැටලීම් හා විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පසුගිය දින කිහිපය තුළ කොළඹ, කලුතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මොණරාගල, අනුරාධපුර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වල සිමෙන්ති වැඩි මිලට විකුණු ව්‍යාපාරික ස්ථාන 56 ක් වටලා ඇති බව සඳහන්. සිමෙන්ති විකිනීම ප්‍රතික්ෂේප කිරීම, සන්තකයේ තබාගෙන නොමැති බව කීම, කොන්දේසි සහිතව අලෙවිය හා තොග සගවා තබා ගැනීම නොකළ යුතු බව ද පාරිභෝගික අධිකාරි පනතෙහි සටහන්ව තිබෙනවා. සන්තකයේ නොමැති බව කීම හා තොග සගවා තබාගැනීම යන වැරදි කරනු ලබන වෙළෙඳුන් සතු සිමෙන්ති තොග තහනම්…
145 total views
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් යළි ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බව, බලශක්ති අමාත්‍යාංශය පවසනවා. බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟා වීම ප්‍රමාද වීම හේතුවෙන්, එම තත්ත්වය මතුව ඇති බවයි එහි ලේකම් කේ. ඩී. ආර් වොල්ගා මහත්මිය සඳහන් කළේ. ඒ අනුව, පිරිපහදුවේ කටයුතු ලබන 30 වනදා යළි ආරම්භ කිරිමේ වැඩි හැකියාවක් තිබෙන බව ද ඇය සඳහන් කළා. තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් හෙට ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණා. source-colombotimes
147 total views
වසර දෙකකට පසු පැවෙත්වෙන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය පසුගියදා කොළඹදී ආරම්භ වුණා. තරගාවලිය ආරම්භ කරමින් සී. ආර් ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුධ හමුදාව තරග බිමට පිවිසියා. ආරම්භයේ සිට ඉතා ප්‍රවේගකාරී තරග රටාවක් දියත් කල සී. ආර් ඇන්ඩ් එෆ්. සී කණ්ඩායම තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 16-6ක් ලෙස පෙරමුණ ගත්තා. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී සී. ආර් ඇන්ඩ් එෆ්. සී කණ්ඩායමට යුධ හමුදාවෙන් එල්ල වුනේ ප්‍රබල අභියෝගයක්. එම අර්ධයේදී ඔවුන් තවත් ලකුණු 10ක් රැස් කළා. සී. ආර් ඇන්ඩ් එෆ්. සී කණ්ඩායමට එම අර්ධයේදී කිසිඳු ලකුණක් හෝ රැස් නොකිරීමද කැපී පෙනුණා. ඒ අනුව තරගය ලකුණු 16-16ක් ලෙස…
286 total views
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි. ඔහු මීට පෙර අවස්ථා කිහිපයක දී ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කර තිබේ. source-derana
110 total views
ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නො හැකි වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ඉටිපන්දම් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් පවසනවා. විශේෂයෙන් හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල මෙසේ ඉටි පන්දම් මිල ඉහළ ගොස් ඇති බව යි වාර්තා වෙන්නේ. කුඩා ප්‍රමාණයේ ඉටි පන්දමක තොග මිල රු 7.50වන අතර , සමාන්‍ය ප්‍රමාණයේ ඉටි පන්දමක් රු 37.50කට තොග වෙළෙඳුන් විසින් අලෙවි කරනු ලබයි. ඉටි පන්දම් පැකට්ටුවක ඉටි පන්දම් 40ක් ඇති බවත් එය මාසයක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් 100කින් පමණ ඉහළ ගිය බවත් වෙළෙඳුන් කියා සිටිනවා. ඉටි පන්දම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉටි චීනයෙන් ආනයනය නො කරන නිසා වෙළෙඳපොළේ ඉටි පන්දම් හිඟයක් පවතින බව…
141 total views
හෙට (26) දින ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් බස්නාහිර පළාතේ රෝහල්වල හෙද නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීන් පැය 24ක සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. අදාළ ඉල්ලීම්වලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා මීට පෙර ද මෙම වෘත්තිකයන් වර්ජනයක නිරත වූ අතර ඊට ප්‍රතිචාර ලෙස උසස්වීම්වල විෂමතා ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් පවසනවා. කෙසේ වෙතත්, අදාළ කැබිනට් අනුමැතිය දෝෂසහිත වීම හේතුවෙන් උසස්වීම් ලැබීමට නියමිතව සිටි හෙද නිලධාරීන් 13,000කට අදාළ උසස්වීම් අහිමි වී ඇති බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන් පෙන්වා දෙනවා. source-hiru
90 total views