Author: writer
කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා. ඒ සඳහා අවසර ලබාදෙන්නේ නම් අඛණ්ඩ විදුලි සැපයුම පිළිබද තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනී ප්‍රකාශ කළේ. අදාළ පෞද්ගලික විදුලි බලාගාරයෙන් මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොටි 160ක ප්‍රමාණයක් එක්වනවා. එබැවින් අද දහවල් විදුලිය කප්පාදු කරන්නේ ද නැද්ද යන්න පිළිබදව තීන්දුවක් ගන්නා බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ. source-hiru
558 total views, 1 views today
දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමින් ඇගයෙන ශිල්ප අභිමානී 2021 ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ඊයේ පැවැත්වුණා. මෙහි දී දිවයින පුරා විසිරී සිටින පාරම්පරික හා නුතන හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ පළාත් හා ජාතික මට්ටමින් ඇගයීමට ලක් කෙරුණා. විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගේ සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් ප්‍රධාන අංශ 21ක් යටතේ නිර්මාණ තෝරාගැනීම සිදු කෙරුණු අතර, නිර්මාණ 8,000ක් අතරින් තෝරාගත් ජයග්රාහකයින්ට සම්මාන පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. මේ අතර, මෙරට විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා. තානාපති සබඳතාවලට…
614 total views, 1 views today
කොවිඩ් රීති පසෙකලා අග්‍රාමාත්‍ය නිල නිවස තුළ තම උපන්දිනය සැමරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ට එරෙහිව විරෝධයක් මතුවෙමින් තිබේ. කොවිඩ් හේතුවෙන් මුළු රටපුරා දැඩි සංචරණ සීමා පනවා තිබෙන සමයේ එම සාදය පැවැත්වූ බව ඔහුගේ කාර්ය මණ්ඩලය පිළිගෙන තිබුණි. 2020 ජූනි මාසයේ පැවති උපන්දින සැමරුම සඳහා 30 දෙනෙකු පමණ එක්වී ඇති අතර එහිදී “Happy Birthday” යනුවෙන් ගායනා කරමින් කේක් කැපූ බව සඳහන් විය. නමුත් අග්‍රාමාත්‍ය නිල නිවසේ කාර්ය මණ්ඩලය පැවසුවේ අගමැතිවරයා එම උපන්දින සැමරුම සංවිධානය කිරීමට සම්බන්ධ නොමැති බවත් ඔහු එම ස්ථානයේ රැඳී සිටියේ විනාඩි 10කට අඩු කාලයක් බවත්ය. මීට සති කිහිපයට පෙරද මත්පැන් සාදයක් සම්බන්ධයෙන් බොරිස් ජොන්සන් ට චෝදනා එල්ලවූ…
240 total views
අද (26) උදෑසන 7 සිට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය බස්නාහිර පළාතේ සියලුම රෝහල්වල වර්ජනයක් ආරම්භ කර තිබේ. එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, පරිපුරක හා අතුරු වෛද්‍ය සේවයේ සහ හෙද සේවයේ පවතින වැටුප් විෂමතා ගැටලු සඳහා විසදුම් ලබාදීමට කිසිදු පාර්ශවයක් මැදිහත් නොවීමට විරෝධය පළ කරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බවය. “අද උදේ 7.00ට පරිපූරක වෛද්‍ය සේවාව, අතුරු වෛද්‍ය සේවාව සහ හෙද සේවාව සම්බන්ධ වුණ සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනය විදිහට වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා. මේ වර්ජන ක්‍රියාමාර්ගය බස්නාහිර පළාතේ සියලු රෝහල්වල පවත්වන්නට තමයි අපි තීරණය කරලා තියෙන්නේ. විශේෂයෙන් අපි මේ වෙන කොට පරිපූරක වෛද්‍ය සේවාවේ, හෙද සේවාවේ සහ අතුරු…
553 total views
ඊයේ (25) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඒ.එස්.විතානගේ මහතා සඳහන් කර සිටියේ, අනවශ්‍ය වේලාවක අනවශ්‍ය ප්‍රමාණයෙන් නව දුම්රිය මැදිරි ආනයනය කරමින් රුපියල් කෝටි ගණනක මහජන මුදල් නාස්තියක් සිදුව ඇති බවයි. “ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මේ මැදිරි 160 ගෙන එන්න. 2017,2018 වසරවලදී තමයි මේ ඇණවුම් ඉදිරිපත් කළේ. හැබැයි ඒක යහපාලන ආණ්ඩුව කාලයේ ඇණවුම් කළාට මේ මැදිරි ගෙනාවේ 2021 අවසාන වෙනතුරුම අවස්ථා කිහිපයකදී මේ මැදිරි 160 ගෙනාවා. මාලිගාවත්ත අංගනයේ මේ පෙට්ටි 160ට ගාල් කරන්න ඉඩ මදිවෙලා දෙපාර්තමේන්තුවේ ඈත පළාත්වල විශේෂයෙන්ම යාපනය, කන්නසන්තුරේ වගේ ප්‍රදේශවල මේ මැදිරි යාඩ්වල නතර කරලා තියෙනවා. ඇත්තටම දුම්රිය දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයට නොවේ මේ මැදිරි…
566 total views
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තලංගම පොලිස් වසමේ කොස්වත්ත, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ මධ්‍යම පරිසර අධිකාරීය අසලදී සිදුවූ රිය අනතුරනික් 27 හැවිරිදි පොලිස් නිලධාරීයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ (25) රාත්‍රී කාලෙයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. කොස්වත්ත දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළීමෙන් එම අනතුර සිදුව ඇත. අදාළ අනතුරින් මියගොස් ඇත්තේ, කරඳගොල්ල ප්‍රදේශයේ පදිංචි බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුත්ත පොලිස් කොස්තාපල්වරයෙකි. මේ අතර මීගොඩ පොලිස් වසමේ නාවලමුල්ල – ලෙනගල අතුරු මාර්ගයේ නාවලමුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 48 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව…
150 total views
ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවක හටගත් ගිනන්කින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ. සාමාජ ශාලාව තුළ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසුව අදාළ ගින්න හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. අදාළ ගැටුමේදී තියුණු ආයුධයකින් පහරකෑම හේතුවෙන් එක් අයෙකු මියගොස් තිබේ. මහල් දෙකකින් සමන්විත අදාළ රාත්‍රි සමාජ ශාලාවේ පහත මාලයේ එම ගින්න හටගෙන ඇති අතර ගිනි නිවන භටයින් විසින් අදාළ ගින්න මැඩපවත්වා ඇති බව සඳහන්ය. පසුව සිදුකළ සෝදිසි කිරීම්වලදී ඉහළ මාලයේ කාමරයක් තුළ තිබී මියගිය පුද්ගලයින් 18 දෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව විදෙස් වාර්තා සඳහන් කළේය. source-derana
271 total views
ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ. ඊයේ (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී එම හමුව පවත්වා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. තානාපති සබඳතාවලට අදාළව අග්‍රාමාත්‍යවරයා හා තානාපති නියෝජිතයන් අතර මෙහිදි අදහස් හුවමාරු වී තිබේ. මේ අතර අද ට (26) යෙදී ඇති ජාත්‍යන්තර රේගු දින උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන කාර්යාලයේ දී මෙම උත්සවය පැවැත්වීමට නියමිත අතර ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව සඳහන්ය. source-derana
88 total views
අද (26) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ යෝජිත විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට විරෝධය පළ කරමිනි. ඊයේ (25) දිනයේ දි ඔවුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ සංකේත වැඩවර්ජනයක් ද ආරම්භ කර තිබුණි. කෙසේවෙතත් ඒ සඳහා නිසි ප්‍රතිචාරයක් බලධාරීන්ගෙන් නොලැබීම හේතුවෙන් අද සිට සේවයට වාර්තා කර රාජකාරී කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමර්ගයක නිරත වන බව දේශීය ආදායම් වෘත්තිය සමිති එකමුතුවේ විධායක සභික එච්.ඒ.එල්.උදයසිරි මහතා පැවසුවේය. “අද දවසේ අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ වගේම සියලුම දිස්ත්‍රික්ක කාර්යාලවල සේවය කරන සියලුම කාර්ය මණ්ඩලය සේවයට වාර්තාකරලා රාජකාරි කටයුතුවලින් බැහැරවීමේ වෘත්තීය සමිති…
91 total views
ඊයේ (25) දිනයේ නැවතත් දෛනික කොරෝනා ආසාදිතයන් 800 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 891 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා. ඊයේ දේශීයව ආසාදිතයන් 888 ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි එක් තිදෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබුණා. මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 603,654 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 576,540 ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 11,784 ක් වනවා. පසුගිය 24 වන දා කොරෝනා මරණ 17 ක් වාර්තා වූ අතර ඒ සමඟින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,330 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. source-helakuru
169 total views