Author: stylecash

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 540 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,591ක් වේ. එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන වේ. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 151,311 දක්වා ඉහළ ගියේය. අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,222ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 122,367ක් විය.

 28 total views

Read More

හුස්ම ගැනීමේ සංකූලතා සහ කොවිඩ් -19 රෝග ලක්ෂණ ඇති බවට සැකකෙ‍රෙන අවුරුදු 55 ට වැඩි  අය වහාම වෛද්‍යවරයෙකු හමුවීමට හෝ ළඟම ඇති රෝහලකට යන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටී.

 24 total views

Read More

අද (20) උදෑසන සිට දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම නිලධාරී වසම් රැසක් හුදකලාභාවයෙන් ඉවත් කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, ඒ අනුව පොලිස් බලප්‍රදේශ 18කට අයත් ග්‍රාම නිලධාරී වසම් 42ක් මෙලෙස හුදකලා බවින් ඉවත් කළ බවය. මීට අමතරව අද උදෑසන 6 සිට මඩකලපුව දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදකලා කර ඇතැයි ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි මහවත්ත පාරේ 233 වත්ත ද හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ. කොළඹ දිස්ත්‍රික්කය පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ, නාම්පමුණුවගොරකාපිටියමාවිත්තාර උතුරපැලැන්වත්ත බටහිර මොරටුමුල්ල පොලිස් බලප්‍රදේශයේ,විල්ලෝරවත්ත මහරගම…

 24 total views

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජරට විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවිවලට මෙන්ම ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. කෙසේ වෙතත් මේ වනවිට එම වෙබ් අඩවි යථා තත්වයට පත්කර ඇති බවයි වාර්තාවන්නේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේතිලක කියා සිටියේ අද උදෑසන එල්ලවූ මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ගුවන් හමුදා සයිබර් ආරක්ෂණ අංශය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට දැනුම්දුන් බවයි.

 86 total views

Read More