Author: stylecash

සංචරණ සිමා හේතුවෙන් පහසුකම් ලබාගැනීම දුෂ්කර වී ඇති විහාරස්ථාන සඳහා පහසුකම් සැපයීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඊට අදාළ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව එම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව තම ප්‍රදේශය පිහිටි විහාරස්ථාන සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා අදාළ තොරතුරු ලබාදෙන ලෙස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලුම ප්‍රදේශිය ලේකම්වරුන් වෙත දැනුම් දී තිබේ. ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරීන් හරහා එම තොරතුරු ලබා දෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත. එයට අදාළව දැනුම්දිය යුතු දුරකථන අංක කිහිපයක් පහතින් දැක්වේ. අමාත්‍යාංශ ලේකම් -…

 54 total views,  2 views today

Read More

කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා පැවසුවේ සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඊට නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් එම තීරණයට පැමිණි බවය. ඒ අනුව හෙට උදෑසන සිට අනිද්දා (01) උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර සිය ඉල්ලීම් සඳහා නිසි පිළිතුරු ලබානොදීම හේතුවෙන් වැඩවර්ජනයක නිරතව සිටි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට…

 70 total views

Read More

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනිම හරහා රසායනික ද්‍රව්‍ය සාගරයට එක්වීමෙන් සිදු වු බලපෑම වසර 10ත් 15ත් අතර කාලයක් පැවතිය හැකි බව සත්ත්ව විද්‍යා මහාචාර්යවරු පවසති. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යන අංශයේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.එම් පද්මලාල් මානගේ මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, රසායනික ද්‍රව්‍ය තුළින් වෙරළාසන්න මුහුදු පතුලට පවා දැඩි බලපෑමක් එල්ල කර ඇති බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.එම් පද්මලාල් මානගේ මහතා, “බොහෝ විට මෙම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ දීර්ඝ කාලයක් පවතින ආකාරයට. ඒ නිසා මේ රසායනික ද්‍රව්‍ය බොහෝකාලයක් අදාළ පරිසරය තුළ පවතී කියලා අපි විශ්වාස කරනවා. එය දීර්ඝකාලීනව ජීවන චක්‍ර විනාශ වීම…

 24 total views

Read More

අද (30) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,186ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 182,779ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,434ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 149,825ක් විය.

 70 total views

Read More

කොවිඩ් වසංගතය පාලනය කිරීම වෙනුවෙන් පොදු ප්‍රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මූලිකවී සැකසිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (30) දිනයේ දී “කොවිඩ් තත්ත්වය“ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, අවුරුදු 12 ට වැඩි දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදෙනවා නම් ලංකාවට අවශ්‍ය එන්නත් සංඛ්‍යාව කෝටිතුනේ සිට තුනහමාර දක්වා වැඩි වන බවය. රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ. “කොවිඩ් 19 වසංගතය මෙරට පැතිරයාම ආරම්භ වූ දින සිට සමස්ත ජනතාව වෙනුවෙන්ම කැපවී කටයුතු කළ වෛද්‍යවරු, හෙදියන්, පර්යේෂකයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කණිෂ්ඨ කාර්යමණ්ඩල මෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ග්‍රාම නිලධාරීන්ට ද මුලින්ම මාගේ…

 18 total views

Read More

ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නංවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. මාතර දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එන්නත්කරණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවය. මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන අද (30) පෙරවරුවේ එලෙස අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. රාජ්‍ය නිලධාරීන් පළාත් පාලන ආයතනවල සනීපාරක්ෂක කම්කරුවන් අත්‍යාවශ්‍ය සේවා සපයන නිලධාරීන් ඇතුළු පිරිසක් එම මධ්‍යස්ථානයේ දි එන්නත් ලබාගත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේය. https://www.youtube.com/watch?v=d10uCx0sMX8

 28 total views

Read More

ලොව පුරා දහසය කෝටි අසූලක්ෂයකට ආසාදනය වූ තිස්පන් ලක්ෂයකට අධික ජීවිත බිලිගත් කොරෝනා වෛරසයේ මූලාරම්භය ගැන කඩිනම් වාර්තාවක් සපයන්නැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එරට බුද්ධි අංශ වෙත නියෝග කර තිබෙනවා. ඒ, 2019 වසරේ අගභාගයේ චීනයේ වූහාන් නගරයෙන් මුලින්ම සොයා ගැනුණු කොරෝනා වෛරසය එහි පරීක්ෂණාගාරයකින් අහම්බෙන් නික්මුණේද යන්න පිළිබඳ යළි සැක මතුවීමත් සමඟයි. අමෙරිකානු බුද්ධි වාර්තාවක් මගින් 2019 වසරේ නොවැම්බරයේ වූහාන් වෛරස් පරීක්ෂණාගාරයේ සාමාජිකයින් 03 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමේ සිද්ධියක් පිළිබඳව හෙලිදරව් කරනු ලැබුවා. ඒ අනුවයි වෛරසය පරීක්ෂණාගාරයෙන් නික්මුණු බවට වන මතය යළි කරළියට පැමිණියේ. කෙසේ නමුත්, එම මතය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ චීනය එය, වෛරසයේ ව්‍යාප්තිය ගැන තම රටට චෝදනා…

 124 total views

Read More

ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සමගාමීව මෙරට ඉන්ධන මිල සංශෝධනය කළයුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර ඇත. මහ බැංකු නිලධාරීන් සහ අගමැතිවරයා අතර ඉකුත් 23 වැනිදා පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම අවධාරණ කිරීම සිදුවූ බව එම සාකච්ඡාවට සහභාගීවූ මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ‘අරුණ’ සමග සඳහන් කර තිබෙනවා. මෙම සාකච්ඡාවේදී මහ බැංකුව පාර්ශ්වය සෘජුවම ඉන්ධන මිලේ සංශෝධනයක් ඉල්ලා සිටි බව රාජ්‍ය ඇමැතිවරයා සපවසා තිබෙනවා. විශේෂයෙන්ම මේ මොහොතේ ලොව ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල මිල ගණන්වලට වඩා වැඩි මිලකට දේශීය වෙළෙඳපොළේ ඉන්ධන අලෙවි වන බවද රාජ්‍ය ඇමැති කබ්රාල් පෙන්වා දුන්නේය. මෙහිදී සාකච්ඡා වූ ඉන්ධන මිල ඇතුළු ආර්ථිකයට සම්බන්ධ අනෙක් කරුණු…

 38 total views

Read More

පුංචි තිරයේ විවිධ චරිතවලින් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තූ රංගන ශිල්පියෙකු විදිහට බුද්ධික ජයරත්නව හඳුන්වා දෙන්නට පුළුවන්. මතකයේ රැඳෙන චරිත රාශියක් නිරූපණය කළ ඔහු පසුව සිනමාවටත් අවතීර්ණ වෙනවා. මේ තියෙන්නේ ඔහු පුවත්පතක් සමඟ කළ කතාබහක්. බුද්ධික ඔබ මෙගා නාට්‍යවල රඟපාන්න නැහැ කියලා තීරණයක හිටියා නේද? මෙගා නාට්‍ය…. නමුත් මම ඒක එහෙම වර්ග කරන්න කැමැති කෙනෙක් නෙමෙයි. දිගු කාලයක් විකාශය වන නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැතුව ඉන්නවා කියන තීරණයක මම හිටියා. ඒකෙන් මං අදහස් කරන්නේ නැහැ චරිතයක් තෝරා බේරාගෙන රඟපෑවා කියන එක. මෙහෙම කියන්නම්කෝ, මම ටෙලිනාට්‍ය චරිත ඉතා අල්ප වශයෙන් භාර ගත්තේ. නමුත් අපේ වෘත්තීය කාරණා මත අපට යම් යම් තීරණ වෙනස් කරන්න වෙනවා.…

 111 total views

Read More

සිහින මවන්නැතිඅහස් උසට තනියමළං වෙන්න වෙන්නඇයි සමහර දුරඇහෙන දකින දේවල්කොතරම් තිබුණදහදට දැනෙන දේවල්ඇයි මෙතරම් බර… මේ ගීතය ගැන ඔබට අමුතුවෙන් කියන්නට ඕනෑ නැහැ. සේනක බටගොඩ සංගීතවේදියා සහ ගායන ශිල්පියා ගැයූ මේ ගීතයට වඩා ප්‍රියකරන්නේ වැඩිහිටි පරපුරට වඩා තරුණ සහ ළමා පරපුර බව කියන්න පුළුවනි. සේනක බටගොඩ යනු යොවුන් වියේ හෝ ළමාවියේ ශිල්පියකු නොවේ. එහෙත් මේ තරමටම මේ දිනවල ළමා පරපුර සහ තාරුණ්‍ය අතර හදබැඳි ශිල්පියකු සිටී නම් ඒ සේනක බටගොඩමය. අනන්තයට යනවාමයි, අපි කවුරුද, යං යං අපි සැනසිල්ලේ, නිදි නැති රැය පුරා, රෑ අහසේ ඇතුළු ඔහු ගැයූ ගීත ගොන්නටම මෙලෙසින් ලොකු පොඩි කාගේත් ‘ආදරය’ ලැබෙන මොහොතක මේ පිළිසඳර සේනක බටගොඩ…

 216 total views

Read More