Author: stylecash

කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ නිවසක දී විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ සෝදිසියක දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 129ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අත්අඩංගුවට ගත් පුද්ගලයා 37 හැවිරිදි දෙමටගොඩ, වෙළුවන පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය. අදාළ සැකකරු සමඟ කේරළ ගංජා තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත වැඩිදුර පරීක්ෂාවට ලබාදී තිබේ. මේ අතර විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් සුරියවැව ප්‍රදේශයේ ගංජා හේනක් වටලා ගංජා පැල 3,000ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සමඟ ගංජා පැල තොගය සෙවණගල පොලීසිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇඹිලිපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.…

 80 total views

Read More

ඔබට මතක ඇති Facebook සමාගම විසින් WhatsApp වෙත පසුගිය ජනවාරි මාසයේදි හදුන්වා දුන් නව Privacy Policy එක මගින් ලොවපුරා එම Privacy Policy එක පිළිබඳව මහත් ආන්දෝලනයක් ඇති වුවා. එමෙන්ම ඒ සමග බොහෝ පිරිස් Telegram හා Signal ආදි වෙනත් Messaging Services වෙත මාරැ විමටත් කටයුතු කරනු ලැබුවා. මේ හේතුන් Facebook සමාගම විසින් මේ නව Privacy Policy එක සදහා එකග විමට ලබා දි තිබුණු කාලය මේ මස 15 (මැයි) දක්වා කොන්දේසි කිහිපයක් සමගින් දිර්ඝ කිරිමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් නැවත Facebook සමාගම විසින් මැයි 15න් පසුව නව Privacy Policy එක සදහා එකග නොවුවද සීමිත පහසුකම් කිහිපයක් සමගින් WhatsApp භාවිත කිරිමට අවස්ථාව ලබා දෙන බව පවසා…

 108 total views

Read More

අද (31) දින දක්වා ගුවන් තොටුපොළ වසා දැමීමට ගෙන ඇතී තීරණය දිර්ඝ කිරීම හෝ ලිහිල් කිරීම සම්බන්ධයෙන් වු අවසන් තීරණය කොවිඩ් මර්දන කමිටුව විසින් ප්‍රකාශයට පත්කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සංචරණ සීමා අඛණ්ඩව පැවතීම සහ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අවදානය යොමුකරමින් අදාළ තීරණය ගැනීමට නියමිත බවය. පසුගිය මැයි 21 වන දා මධ්‍යම රාත්‍රියේ සිට දින 14ක කාලයක් සඳහා මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කරනු ලැබීය. කෙසේවෙතත් එම තහනම මෙරටින් පිටව යන මගී ගුවන් යානා සඳහා අදාළ නොවෙනු ඇත.

 86 total views

Read More

මෙරට මුහුදු සීමාවේ දි ගිනි ගැනීමට ලක්වු “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයාගෙන් සහ ඉංජිනේරුවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (31) ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව තිබේ. ඒ අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ ඔවුන් නිරෝධායනයට ලක්කර සිටින හෝටලයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගොස් අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ඊයේ (30) පස්වරුවේ එම ප්‍රකාශය ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කපිතාන්වරයා නිරෝධායනයට ලක්කර සිටි ස්ථානයට ගොස් තිබුණද නෞකාවට අදාළ ලිපිගොනු කපිතාන්වරයා සතුව නොමැති වීම හේතුවෙන් අද දින එම ප්‍රකාශය ලබා ගැනීමට තීරණය කරනු ලැබීය. මේ අතර “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ ඇතිවූ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

 46 total views

Read More

පසුගිය වසරේ දෙසැම්බරයේ සිටම බටහිර මාධ්‍ය වල ප්‍රවෘත්ති මවන ලද අති දැවැන්ත හැකර් ප්‍රහාරයක් ගැන බොහෝ විට මේ වන විට ඔබ අසා ඇති. එය SolarWinds Attack ලෙසින් හැඳින්වී ය. අද මාගේ උත්සාහය Android වැඩකාරයෝ සහෘද පාඨක පිරිස වෙත සරලව සිංහලෙන් මෙම හැකර් ප්‍රහාරයේ තතු ගෙන ඒම යි. SolarWinds යනු කුමක්ද? නවීන තාක්ෂණික ලෝකයේ සියළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තොරතුරු තාක්ෂණය මත රඳා පවතී. එනම්, එම ආයතන පරිගණක හා සෘජුවම බැඳී පවතී. මෙම පරිගණක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා පරිගණක ජාල භාවිතා වේ. Computer Networks ලෙස හැඳින්වෙන්නේ මේවා ය. එමෙන්ම, ඔබ අප දිනපතා භාවිතා කරන අන්තර්ජාලය හරහා ඉහත කී බොහෝ රාජ්‍ය සහ රාජ්‍ය නොවන…

 74 total views

Read More

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (31) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා. සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති. ඒ අනුව අද දිනයේ එන්නත්කරණ සිදුවන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.

 62 total views

Read More

2017 වසරේ දී සහරාන් හෂීම් සහ තවත් පුද්ගලයින් පිරිසකට රැකවරණය සැලසීම හා අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔලුවිල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලෙස කටයුතු කළ අයෙකු බව පොලීසිය පැවසුවේය. කාන්තන්කුඩි ප්‍රදේශයේ දී සහරාන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් සමඟ ගැටුමක් ඇතිකර ගැනීමෙන් පසු පළා ගොස් සැඟව සිට ඇත්තේ ඊයේ (30) අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ බවට අනාවරණය වී තිබේ. ඔහුගේ නිවසේ රැකවරණ ලැබු පුද්ගලයන් දෙදෙනෙකු මීට පෙර පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

 58 total views

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රියේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් වයඹ සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 දක්වා වැඩි විය හැකිය.

 24 total views

Read More

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වුවන් සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීමට අදාළ ලේඛන සකස් කිරීමේ කටයුතු අද (31) සිට ආරම්භ කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙම සතිය තුළ එම දීමනාව ලබාදීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නිකුත්කර ඇති බවය. https://youtu.be/vBXZlh6q0S4

 12 total views

Read More

ඔබට මතක ඇති මීට වසරකට පෙර පමණ පෙර Instagram විසින් එහි Post, Video සදහා ලබා දි තිබු Likes ගණන (Count එක) පෙන්වීම ඉවත් කිරිමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙලෙස Like Count එක ඉවත් කිරිම පිළිබඳව නම් Instagram භාවිත කරන්නන්ගෙන් ලැබුණේ හොද ප්‍රතිචාරයක් නම් නෙවෙයි. කෙසේ වෙතත් Facebook සමාගම විසින් නැවත වතාවක් Instagram සදහා Like Count එක ලබා දිමට කටයුතු කර තිබෙනවා. මෙවර මෙය ලබා දි ඇත්තේ අවශ්‍ය නම් Like Count එක පෙන්වන ආකාරයට තමන්ටම සකස් කර ගත හැකි ආකාරයටයි. ඔබට අවශ්‍ය පරිදි Like Count එක පෙන්විමට හෝ නොපෙන්විමට Settings වලට පිවිස Privacy යටතේ ඇති Posts ඔස්සේ සිදු කල හැකි…

 74 total views

Read More