Author: stylecash

කොවිඩ් තුන් වැනි රැල්ල නිසා අපහසුතාවට පත්ව සිටින ණය ගනුදෙනුකරුවන්ට ලබා දිය යුතු සහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි බැංකු වෙත දන්වා යවා තිබෙනවා. 2020 අප්‍රේල් 01 හෝ ඊට පසුව අක්‍රිය යයි වර්ගීකරණය කර ඇති ණය අය කර ගැනීම 2021 අගෝස්තු 31 දක්වා අත්හිටුවිය යුතු බවද එහිදී දැනුම් දී තිබෙනවා. කොවිඩ් හේතුවෙන් ගණුදෙනුකරුවන් වෙත ලබාදෙන ලෙස උපදෙස් දුන් සහන පහත පරිදි වනවා.

 24 total views

Read More

මෙරට තුළ කොවිඩ් ආසාදිත සක්‍රීය රෝගීන් 8,000 ක් පමණ කිසිඳු ප්‍රතිකාර මධ්‍යස්ථානකට යොමු නොවී බාහිර පරිසරයේ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එය ඉතාමත් බරපතල තත්වයක් බැවින් ඒ සදහා කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගතයුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දුන්නේ. මෙලෙස සක්‍රීය රෝගීන් බාහිර පරිසරයේ තබා ගෙන සංචරණ සීමා පනවා රෝගය පාලනය කිරීමට උත්සහ කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කළ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා… https://youtu.be/UwNM8P94sHo

 66 total views

Read More

අද සිට කොළඹ නගරයට ඇතුල්වන වාහන සදහා එක් දිනකට පමණක් වලංගු ස්ටිකරයක් ඇලවීමට පොලිසිය විසින් පියවර ගෙන තිබෙනවා. අත්‍යවශය සේවා සදහා ගමන් කරන වාහන, අවස්ථා කිහිපයකදී පරීක්ෂා කිරීම වැළැක්වීම අරමුණු කර ගෙන මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. මේ අතර මුහුණු ආවරණ නොපැළදීම ඇතුලූ නිරෝධායන රීති උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 1,038 දෙනෙකු ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලු සංඛ්‍යාව 20,140 ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.

 13 total views

Read More

රාජ්‍ය හා පෞද්ගලික ලුණු නිෂ්පාදකයන් සමග එක්ව ලුණු මිල ඊයේ (01 වැනිදා) සිට ඉදිරි වසරක කාලයක් සඳහා පහත හෙළන බව වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව කැට ලුණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 43/-, ලුණු කුඩු ග්‍රෑම් හාරසියයක් 35/- මිලකටත් සතොස හරහා පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු සලසා ඇති බව ද ඇමැතිවරයා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. මෙරට පරිභෝජනයට අවශ්‍ය ධාරිතාවට වඩා අතිරික්ත ලුණු ප්‍රමාණයක් හා පරිභෝජනයට සුදුසු ලුණු නිෂ්පාදන ක්‍රියාවලියක් පවතින වාතාවරණයකදී විවිධ පාර්ශ්වයන් ගෙනයන මතවාදයන්ගේ කිසිදු සත්‍යතාවක් නැති බවයි වෙළෙඳ ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේ. කිසිදු හිඟයකින් තොරව ඉදිරි වසරක් සඳහා මෙරට පරිභෝජනයට අවශ්‍ය ලුණු පවතින බවත් ඔහු සඳහන්…

 8 total views

Read More

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (02) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා. එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති. ඒ අනුව අද දිනයේ එන්නත්කරණ සිදුවන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.

 8 total views

Read More

චීනයේ නිෂ්පාදිත Sinovac කොවිඩ් මර්දන එන්නත, හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අනුමැතිය හිමිව තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද චීනයේ නිෂ්පාදිත දෙවැනි කොවිඩ් මර්දන එන්නත මෙයයි. සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ චීනයේ නිෂ්පාදිත පළමු කොවිඩ් මර්දන එන්නත වනවා.

 18 total views

Read More

ලිට්රෝ වර්ගයේ ගෑස් සිලින්ඩර්වල නියමිත බර ප්‍රමාණයට වඩා අඩුවෙන් ඇති බවට අනාවරණය වූ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ඒ, කොළඹ ප්‍රදේශයේ දී සිදුකළ පරීක්ෂණයකදී. ඊයේ දිනයේදී පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් කොළඹ 06 ප්‍රදේශයේ සිදු කළ පරීක්ෂාවකදී, 12.5kg ප්‍රමාණයේ Litro Gas සිලින්ඩර 10කට ආසන්න ප්‍රමාණයක් කිරා බැලූ අතර ඒවා සියල්ලෙහිම බර නියමිත බරට වඩා අඩු බව අනාවරණය වී තිබෙනවා. මෙම පරීක්ෂාව සඳහා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහයෝගය ද ලබා ගෙන තිබෙන අතර අදාල පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතයි.

 14 total views

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන් දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් ලබාදුන් කොළඹ පිහිටි තරුපහේ හෝටලයේ කළමනාකාරීත්වයට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පහේ හෝටලයක් තුළ සිය උපන් දින සාදය පැවැත්වීමේ චෝදනාව මත රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි ඊයේ අත්අඩංගුවට ගත් අතර, පසුව ඔවුන් ඇප මත මුදාහැරුණා. එමෙන්ම එම උපන් දින සාදයට සහභාගි වූ තවත් 20 ත් 25 ත් අතර පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

 54 total views

Read More

පෙර පාසල් ගුරුවරුන් සඳහා යම් නිශ්චිත පුහුණුවක් ලබාදීමෙන් පසු ඔවුන්ට ලබාදෙන මාසික දීමනාව ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ. ඒ අනුව මාසික ලබාදුන් රු 250ක දීමනාව රු 2,500ක් දක්වා ඉහළ දමා ඇත. අද (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගෙවීම සිදුකිරීමට නියමිතය. එහි පළමු අදියර ලෙස හඳුනාගත් නිර්ණායක මත පදනම්ව සුදුසුකම් ලැබු පෙර පාසල් ගුරුවරු 25,000ක් සඳහා එම දීමනාව ලබාදීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ලබාදුන් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 50 total views

Read More

දැනට පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන මුහුදු ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල සුපුරුදු පරිදි ධීවර කටයුතු කරගෙන යාම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සහ මීගමුව ප්‍රදේශයේ ධීවරයින්ට අවසර ලබාදී ඇති බව කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. කෙසේවෙතත් එම ප්‍රදේශවලින් ලබාගන්නා මත්ස්‍ය තොග සම්බන්ධයෙන් නිසි විමර්ශන අඛණ්ඩව සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ධීවර කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් නාවික හමුදාව මේ වන විට දැනුවත් කර ඇති බවත් මත්ස්‍යයින් සම්බන්ධයෙන් ජනතාවට ඇති අනිසි බිය දුරුකිරීමට අවශ්‍ය කටයුතු ද මේ වන විට ගනිමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 58 total views

Read More