Author: stylecash

ශ්‍රී ලංකාව අතුළු රටවල් රැසකට කොවිඩ් මර්දන එන්නත් සපයන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා. ඒ, ඔහු විසින් ප්‍රකාශිත ජාත්‍යන්තර කොවිඩ් එන්නත් බෙදාගැනීමේ සැලැස්මට අනුවයි. එමගින් ආසියානු රටවල් 17කට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 7ක් ලැබෙනු ඇති. මෙම මාසය අවසාන වන විට ඇමරිකාව බෙදාහැරීමට සැලසුම් කර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 80ක්. ඉන් කොටසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහනට සැපයීමට නියමිතයි.

 18 total views

Read More

රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට බෙහෙත් වට්ටෝරු නිවසටම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මක වනවා. සංචරණ සීමා හමුවේ රෝහල්වල පැවැත්වෙන සායන සඳහා සහභාගී වීමට නොහැකි රෝගීන්ගේ පහසුව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ අනුව, රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන්ට මාස 02ක් සඳහා අවශ්‍ය බෙහෙත් වට්ටෝරු, වෙන වෙනම පාර්සල් කර, තැපැල් දෙපාර්තමේන්තුව හරහා නිවසටම ලබා දීමට සැලසුම් කර තිබෙනවා. රෝගීන් ලියාපදිංචි කිරීමේ දී රෝහල වෙත ලබා දී ඇති ලිපිනයට මෙම බෙහෙත් වට්ටෝරු බෙදා හරින බැවින්, ලියාපදිංචියේ දී ලබා දී ඇති ලිපිනය වෙනස් වී ඇත්නම් ඒ පිළිබඳව අදාළ රෝහල දැනුවත් කළ…

 8 total views

Read More

ජනපති කාර්යාලයේ වෙබ් පිටුව ඇතුළු තවත් රාජ්‍ය ආයතන වෙබ් පිටු කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා. ජනාධිපති කාර්යාලය,විදේශ අමාත්යංශය,වෛද්‍ය පර්යේෂණ ආයතනය,ශ්‍රී ලංකා මිනිදෝරු දෙපාර්තමේන්තුව,පවුල් සෞඛ්‍ය කාර්යාංශය,වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි මෙලෙස සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවයි එම නිවේදනයේ සඳහන්ව තිබුණේ. මෙම ව්‍යාජ තොරතුර බෙදාහරිනු ලැබූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ ඒකකයට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රකාශකයෙකු සඳහන් කළා. අදාළ සංගමයේ Facebook පිටුවේ නිකුත් කර තිබූ නිවේදනය පහතින්.

 72 total views

Read More

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සංවිධානය කළ උපන්දින සාදයට සහභාගී වූ තවත් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු වන බවය. ඔවුන් අද දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. දැනට ලැබී ඇති තොරතුරු අනුව තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු අදාළ ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන්…

 8 total views

Read More

දිස්ත්‍රික්ක 25 න්ම ඊයේ (03) දිනයේදීත් දෛනික කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයින් 3,297 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් 33 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වෙයි. ඒ අනුව අඛණ්ඩව දෙවන දිනටත් මෙරටින් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් ගණන 3,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ. පෙරේදා (02) දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1,004 දෙනෙකු වාර්තා වූ අතර ඊයේ දිනයේදී එම සංඛ්‍යාව 648 ක් දක්වා පහත බැස ඇත. කෙසේවෙතත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ මෙම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද වේ. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 630 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 409ක්…

 20 total views

Read More

අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ගමන් කරන පිරිසට දිවයින පුරා විවෘතව පවතින සතොස අලෙවි සැල් ජාලය මගින් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංචරණ සීමා මැද ගමන් කිරීමට අවරස නොමැති අයට ඒ සඳහා අවස්ථාව නොලැබෙන බවය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අපි සතොස අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළා. ඒ අත්‍යවශ්‍ය සේවා බෙදා හැරීමේ කටයුතුවලට සහායවීමටයි. ඒ අනුව වෛද්‍යවරුන්, රාජ්‍ය සේවකයන්, නිරෝධායන රීති යටතේ පැමිණීම සඳහා බලය ලත් අයට තමන්ගේ රාජකාරියට වාර්තා කරලා යන අවස්ථාවේදී අවශ්‍ය භාණ්ඩත් සිල්ලරට ලබාගෙන යන්න අවස්ථාව තියෙනවා සතොස හරහා. ඕනම කෙනෙකුට ඇවිත් භාණ්ඩ ගන්න බෑ. ඒ අතරතුර සතොස ඇතුලේ…

 52 total views,  2 views today

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරයෙකු අද (04) ඉවත් වී තිබේ. තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත. මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත මෙම පෙත්සම සලකා බැලීමේ කටයුත්තෙන් තමන් ඉවත් වන බවය. ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම මේ මස 11 වනදා දක්වා…

 8 total views

Read More

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම නවතා දැමු බව නාවික හමුදාව පවසයි. ඒ නෞකාවේ එක් පැත්තක් මුහුදු පත්ලේ ගැටීමත් සමඟ ය. කෙසේවෙතත් නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන්නේදැයි මෙතෙක් නිරීක්ෂණය වී නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද නාවික හමුදාව පවසයි. කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගැනීමට ලක්වු “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණි. ඒ අනුව අදාළ ගැලවුම්කාර සමාගමට පහසුකම් සැලසීම සඳහා නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් ද අද (02) පෙරවරුවේ නෞකාවට ඇතුළු වු විය. ගැලවුම්කාර සමාගමේ ටග් යාත්‍රා මඟින් නෞකාව ගැඹුර මුහුදට රැගෙන යාමේ කටයුතු ආරම්භ කර තිබු…

 52 total views

Read More

කොවිඩ් වෛරසයට නිපදවූ අලුත්ම එන්නතක් පිළිබඳව පකිස්ථානයෙන් වාර්තා වනවා. ඒ අනුව පාකිස්තානය විසින් නිපදවු පළමු කොවිඩ් මර්දන එන්නත නිලවශයෙන් එරට සෞඛ්‍ය අංශ විසින් හඳුන්වා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. චීන සෞඛ්‍ය විශේෂඥයින්ගේ සහාය ඇතිව නිෂ්පාදනය කර ඇති මෙම එන්නත “පාක්වැක්” යනුවෙන් නම් කර තිබෙනවා. මෙම එන්නත තනි මාත්‍රාවක් පමණක් භාවිතයට ගත හැකි අයුරින් නිපදවා ඇති අතර පාක්වැක් එන්නතේ මාත්‍රා 120,000ක් පමණ මේ වන විට නිෂ්පාදනය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහි දෙවන අදියරේ දි මාත්‍රා 900,000ක් නිෂ්පාදනය කිරිමට අපේක්ෂිත බවද පකිස්ථානයෙන් වාර්තා වනවා.

 350 total views

Read More

“එම්.වී.එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, එම කටයුතු සඳහා ගලවාගැනීමේ සමාගමේ නියෝජිතයින්ට පහසුකම් සැපයීමට නාවික හමුදාවේ කණ්ඩායමක් නැවට පිවිසි බවය. කෙසේවෙතත් මේ වන විට නෞකාවේ පිටුපස කොටස මුහුදේ ගිලෙමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 30 total views

Read More