Author: stylecash

කොළඹ, ගාල්ල, කළුතර, නුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නාය යාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. මේ අතර අත්තනගලු ඔය, කළු ගඟ ද්‍රෝණිය හා කැලණි ගඟ ද්‍රෝණියේ දැනට පවතින සුළු ගංවතුර තත්ත්වය ඉදිරි පැය 24 තුළ සුළු වශයෙන් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම නිසා පහත් බිම්වල ජනතාවට විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව උපදෙස් දෙනවා.

 12 total views,  6 views today

Read More

රට තුළ ඇති ප්‍රධාන මාතෘකා සියල්ල යට යැවීමට සැලසුම් කරන ලද “නාට්‍ය කිහිපයක තිරපිටපත්” මේ වන විට සිදුවෙමින් පවතින බව නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි පවසනවා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින ඇය සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් මේ බව සඳහන් කර තිබෙනවා. ඇයගේ සටහන පහතින් රටේ ඇත්ත ප්‍රශ්න යට යැවීමට අටවන උගුලට හසුවෙනවාද? සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හ පරිහරණය කරන්නන් වහාම නිසි මාවතට පිවිසෙන්නේ නම් මැනවි.මේ වන විට රටේ ඇති ප්‍රධාන ප්‍රශ්න සහ විලිවසාගැනීමට සිදුවන අවස්ථාවන් ලෙස රට කරවන ඈයන්ට යට යැවිය යුතු දේවල් වර්ග 2ක් ඇත. රටේ ප්‍රධාන ප්‍රශ්න 1.කොළඹ…

 4 total views

Read More

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබේ. අපේ පරිසර පද්ධතිය සුරකිමු යන්න මෙවර ලෝක පරිසර දිනයේ තේමාව වෙයි. කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව එක්රැස්කර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි බැවින් අද සහ හෙට (06) දීප ව්‍යාප්තව නිවාස හා ගෙවතු පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. පරිසරයට පැය 48ක් තේමාව යටතේ හුස්ම පොදයි පරිසරයයි යන නමින් මෙම දෙදින පරිසර පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

 8 total views

Read More

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටීමෙන් අතුරුදන් වූ එකම පවුලේ සිව් දෙනාගෙන් දියණියගේ සිරුර සොයාගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නිවසේ සිට පස් කන්දට යටවී අතුරුදන් වූ මව, පියා මෙන්ම, පුත්‍රයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය. මේ අතර ඊයේ දිනයේ වැඩිම වර්ෂාපතනයක් ලැබී තිබුණේ කෑගල්ල අල්ගම ප්‍රදේශයට වන අතර ඒ මිලිමීටර් 197.5කි.

 4 total views,  2 views today

Read More

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනෙක්, වෙළෙඳ නැව් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (04) එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ගොස් පරීක්ෂණ සිදුකර තිබුණි. එහිදී විවිධ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සාම්පල ලබා ගැනීම, ඡායාරූප ලබා ගැනීම ඇතුළු සාක්ෂි රැස් කිරීම සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙම විමර්ශනවලදී නෞකාවේ ප්‍රධාන නිලධාරීවරයාගේ ප්‍රකාශය තීරණාත්මක වී ඇති බවට වාර්තා වන බවය. නෞකාවේ බහාලුම් තබන සැලසුම ඔහු විසින් සිදුකරන බවත් ඒ අනුව රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් තැබූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.

 8 total views

Read More

රුසියානු “ස්පුට්නික් V” එන්නත නිෂ්පාදනය කිරීම සඳහා තවත් ආයතනයකට අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ, ඉන්දියාවේ පූනේ නුවර පිහිටි සීරම් ආයතනයටයි. ඒ සඳහා ඉන්දීය ඖෂධ නියාමනයේ අනුමැතිය ද හිමිවූ බවයි එහි ප්‍රධානී අධාර් පූනවල්ලා සඳහන් කළේ. කෙසේ නමුත්, සීරම් ආයතනය විසින් මේ වනවිට කොවිෂීල්ඩ් සහ කොවෝවැක්ස් එන්නත් නිෂ්පාදනය කරන බැවින් “ස්පුට්නික් V” එන්නත නිපදවීමට තවත් මාස කිහිපයක් ගත විය හැකි බවයි ඔහු පැවසුවේ.

 8 total views

Read More

මැයි 1 සිට ජුනි 3 දක්වා ශ්‍රී ලංකාවේ කොවිඩ් වෛරසයේ ධනාත්මක වීමේ අනුපාතය පිළිබඳ ප්‍රස්ථාරයක් නිකුත් කර තිබෙනවා. ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින්. මෙම කාල පරිච්ඡේදය තුළ වෛරසයේ ධනාත්මක අනුපාතය 08% සිට 16% දක්වා උච්චාවචනය වී ඇති බව ප්‍රස්ථාරයෙන් දැක්වෙනවා. මේ අතර, මෙම කාල සීමාව තුළ දිනකට PCR පරීක්ෂණ 21,000 ත් 28,000 ත් අතර ප්‍රමාණයක් පවත්වා තිබෙනවා. අදාළ ප්‍රස්ථාරය පහතින්….

 10 total views

Read More

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා යටතේ ඇති ආයතන නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුවයි. ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළුව තවත් ආයතන කිහිපයක් ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතට පවරා තිබෙනවා. අදාළ ගැසට් පත්‍රය පහතින්…

 8 total views

Read More

ආසියානු H කාණ්ඩය යටතේ, ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගයකට අද එක්වනවා. ඒ ලෙබනන කණ්ඩායමට එරෙහිව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයක් සදහායි. මෙම තරගය දකුණු කොරියාවේදී පැවැත්වෙන අතර තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11:30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස සුජාන් පෙරේරා කටයුතු කරන අතර කවිදු ඉෂාන් සහ වසීම් රාසික් උප නායකයින් ලෙස කටයුතු කරනවා. ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ තරගයක් සදහා ශ්‍රී ලංකාව සහ ලෙබනනය 2019 වසරේදී කොළඹ තුරග තරගපිටියේදී එක්වුණා. එම තරගයෙන් ගෝල 3ට බින්දුවක් ලෙස ජය වාර්තා කළේ ලෙබනන් කණ්ඩායමයි.…

 6 total views

Read More

පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ කිරි,බිත්තර,මස් නිෂ්පාදන, වෙළඳපොල වෙත කඩිනමින් යොමුකිරීමේදී ඇතිවන බාධා විසදීම සඳහා සෘජු දුරකථන අංක තුනක් හඳුන්වා දී තිබෙන බව පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසනවා. ඒ අනුව වෛද්‍ය නිරෝෂන් ගමගේ (අතිරේක ලේකම්- පශු සම්පත්) 0772672015, වෛද්‍ය සාගරිකා සුමනසේකර(අධ්‍යක්ෂ-අභිජනන) – 0718101904 සහ වෛද්‍ය හේමාලි කොතලාවල 0718589004 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කරනවා. අදාල නිෂ්පාදන අලෙවි කරන ජංගම වෙළෙදුන් හට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් හා පශු වෛද්‍ය කාර්යාල හරහා සෘජුව අවසර ගත හැකි බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. තවද යම්…

 104 total views

Read More