Author: admin

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදි බස් ගාස්තු ඉහළ දමන බවයි. සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කලේ ඩීසල් මිලේ වැඩිවීම මත 15% ක බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බවයි.

 18 total views

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කරන්නේ ජනතාව අසීරුවට පත්ව සිටින අවස්ථාවක ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. පක්ෂ ප්‍රධාන ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපියකින් මේ බව දන්වා තිබෙනවා. අදාල ලිපිය පහතින්.

 8 total views

Read More

චෙන්නායි හී තානාපති ආරංචි මාර්ග පවසන්නේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිට කැනඩාවට සංක්‍රමණය වීමට ගිය ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ඉන්දීයාවේ තමිල්නාඩු හා කර්ණාටක පොලිස් ස්ථාන මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග පවසයි. එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මිනිස් ජාවාරම්කරුවන් 7 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමටද එරට ආරක්ෂක අංශ සමත් වී ඇත. අත්අඩංගුවට ගත් මිනිස් ජාවාරම්කරුවන් 7 දෙනා අතර එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව සිටි බවට සැකකෙරෙන පුද්ගලයෙකු සිටින බව ද කියැවේ.අදාළ ශ්‍රී ලාංකිකයින් මාස දෙකක පමණ කාලයක් නීතිවිරෝධීව තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රදේශවල රැඳී සිට ඇති බව සඳහන් වේ. ඔවුන් මුහුදු මාර්ගයෙන් කැනඩාවට…

 18 total views

Read More

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසන්නේ ඉන්ධන මිල යළි අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවයි.ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අග්‍රාමත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කළ බවත් එහි සාමාජිකයන් ලෙස ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරුන් කටයුතු කළ බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉන් පසු එම කමිටුව සාකච්ඡා වට තුනකට පසු මැයි 12 වනදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කළ බවත් එහි අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට බලශක්ති අමාත්‍යවරයා ලෙස තමන්ට පැවරූ බවද ඔහු ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශ නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් අවසාන…

 8 total views

Read More

සීමිත ඕවර තරගාවලියක් සඳහා සහභාගි වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩයාම මේ මස 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. රාහුල් ඩ්‍රාවිඩ්ගේ පුහුණුකාරිත්වය යටතේ මෙරටට පැමිණෙන ඉන්දීය කණ්ඩායම 29 වැනිදා සිට ජූලි 1 වැනිදා තෙක් හෝටල් කාමර තුළ නිරෝධායනයට ලක් වනු ඇත. අනතුරුව ජූලි 2 දා සිට 4 වැනිදා දක්වා නිරෝධායනයට ලක්වන අතරතුර පුහුණුවීම් සඳහා එක්වීමට අවසර ලැබෙන ඉන්දීය පිලට නිරෝධායනය නිමා කිරීමෙන් පසු ජූලි 5 වැනිදා සිට 12 වැනිදා දක්වා සාමන්‍ය පරිදි පුහුණුවීම් සිදු කිරීමට අවස්ථාව හිමි වෙයි. එක්දින තරග 3ක් සහ විස්සයි20 තරග 3ක් ඇතුළත් තරගාවලියේ සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවත්වෙනු ඇත. තරගාවලිය ජූලි 13 සිට 25 වැනිදා දක්වා…

 20 total views

Read More

ඉතාලියේ ෆ්ලොරන්ස්හිදි පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේදී සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත් වීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට සිදු විය. 2021 ඩයමන්ඩ් ලීග් තරගාවලියේ තෙවැනි අදියර යටතේ පැවැති මේ තරගාවලියේ මීටර් 100 ඉසව්වට එක් වූ යුපුන්ට ලෝකඩ පදක්කම අහිමි වී ගියේ තත්පර 0.001කින් හෙවත් මිලිතත්පරයකින් දහයෙන් පංගුවකිනි. ලෝකඩ පදක්කම ලයිබීරියාවේ එම්මෑනුවෙල් මටාඩි හිමි කර ගත්තේ තත්පර 10.16කින් වන අතර, යුපුන් ද තරගය නිමා කළේ තත්පර 10.16කිනි. කෙසේ වෙතත් ඩයමන්ඩ් ලීග් තරගාවලියකදී මෙවැනි දස්කමක් කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ද යුපුන් ඉතිහාසයට එක්වීම විශේෂත්වයකි. එහි රන් පදක්කම පොදු රාජ්‍ය මණ්ඩලයයීය මීටර් සිය රන් පදක්කම්ලාභී දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ දිනා…

 26 total views

Read More