නිධානයකින් ගොඩ ගන්නා ලද මිල කළ නොහැකි දේව ප‍්‍රතිමා දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ක‍්‍රියාත්මක වූ වවුනියාව පොලීසිය මඟින්.
වවුනියාවේ නෙලුකුලම් ප‍්‍රදේශයේ නිධානයකින් ගන්නා ලද මෙම දේව ප‍්‍රතිමා දෙක අලෙවි කිරීම සඳහා ත‍්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටියදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාවේ නෙලුකුලම් ප‍්‍රදේශයේදීයී.
නෙලුකුලම ප‍්‍රදේශයේම පදිංචි මෙම සැකකරුවන් ප‍්‍රතිමාවල වටිනාකම නොදත් නිසා ඒ දේව ප‍්‍රතිමා දෙකම රුපියල් ලක්ෂ 75 කට අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


78 total views, 2 views today