What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»ඇවන්ට් ගාඩ් සභාපතිට කොළඹ මහාධිකරණයෙන් දුන් නියෝගය
    Local

    ඇවන්ට් ගාඩ් සභාපතිට කොළඹ මහාධිකරණයෙන් දුන් නියෝගය

    writerBy writerJuly 27, 2021No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු නිදහස්කරන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියම කළේය.

    එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය නිකුත්කර තිබේ. එම අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් වෙනුවෙන් මීට පෙර මූලික විරෝධතාවක් මතුකළ ද එම විවෘක විරෝධතාවය මහාධිකරණ විනිසුරුවරිය විසින් ප්‍රතික්ෂේප කළ බව පැවසීය.

    ඉන්පසුව එම තීරණයට එරෙහිව තම සේවාදායකයින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත්කළ බවත් එම ප්‍රතිශෝධන  පෙත්සම ඉකුත්  15 වනදා කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බව දැනුම්දුන් බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

    එම කොන්දේසියට යටත්ව තම සේවාදායකයා අභියාචනාධිකරණය හමුවේ පැවති ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගත් බව නීතිඥ අජිත් පතිරණ මහතා පැවසීය.

    මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි ජයරත්න මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන්ට නැවත නඩු පැවරීමේ අයිතිය රඳවාගනිමින් එම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගන්නා ලෙස අල්ලස් කොමිසමෙන් තමන්ට උපදෙස් ලැබී ඇතැයි සඳහන් කළාය.

     114 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleරෝහල් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය දේශීයව සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය
    Next Article රුපියල් මිලියන 2,000ක වියදමින් සංවර්ධනය කෙරෙන නගර 100 මෙන්න

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.