What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»කාසියේ වාසිය උරගා බැලීමෙන් තංගල්ල නගර සභා සභාපතීත්වය තෝරයි
    Local

    කාසියේ වාසිය උරගා බැලීමෙන් තංගල්ල නගර සභා සභාපතීත්වය තෝරයි

    writerBy writerJuly 27, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    තංගල්ල නගර සභාවට නව නගර සභාවතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්ද විමසීමේදී එජාපයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙදෙනාම එක හා සමාන ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම නිසා කාසියේ වාසිය අනුව තංගල්ල නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණට හිමි විය.

    ඒ අනුව තංගල්ල නගර සභාවේ නව නගර සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩබ්ලිවු.පී.ආරියදාස මහතා ලෙස තේරි පත්විය. තංගල්ල නගර සභාවේ සභාපතිධූරය හෙබ වූ රවිදු වෙදආරච්චි (එ.ජා.ප.) මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමත් සමඟ ඔහුට හිමිව තිබූ තංගල්ල නගර සභාවේ සභික ධූරය පසුගිය දා අහිමි වූ අතර ඒ අනුව තංගල්ල නගර සභාවේ සභාපති ධූරය හිස්විය.

    දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු මහතාගේ අධීක්ෂණයෙන් නව සභාපතිවරයකු තෝරා පත් කරගැනීම සඳහා වූ ඡන්දය ඊයේ පෙරවරු 10 ට පමණ ආරම්භ වූ අතර වැඩි දෙනාගේ කැමැත්ත පරිදි ඒ සඳහා රහස් ඡන්ද පැවැත්වීය.

    එහිදී ඡන්ද විමසීම් අවස්ථා 02ක් පැවති අතර පළමු ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නගර සභික ඩබ්ලිවු.පී. ආරියදාස මහතාද එ.ජා.ප.ය නියෝනය කරමින් විජිත් චන්දිම මහතා සහ ජේ.එම්.සී.ඩී. ජයසුන්දර මහත්වරු සභාපති ධූරය සදහා ඉදිරිපත් වූහ.

    එහිදී පැවති ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණේ ඩබ්ලිවු.පී. ආරියදාස මහතා ඡන්ද 07ක්ද එ.ජා.ප යෙන් ඉදිරිපත් වූ විජිත් චන්දිම මහතා ඡන්ද 05 ක් ද එම පක්ෂයෙන්ම ඉදිරිපත් වූ ජේ.එම්.සී.ඩී.ජයසුන්දර මහතා ඡන්ද 04 ක් ද හිමි විය.

    දෙවැනි ඡන්ද විමසීමේදී තංගල්ල නගර සභාවේ සභාපති ධූරය සදහා දරඟ කළ ජේ.එම්.සී.ඩී. ජයසුන්දර මහතා තරඟයෙන් කර දෙවැනි වර ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණේ අපෙක්ෂක ඩබ්ලිවු .පී. ආරියදාස මහතාද ඡන්ද 08ක් ලබා ගත් අතර එ.ජා.ප.යෙන් ඉදිරිපත් වූ විජිත් චන්දිම මහතා ඡන්ද 08 ක් ලබා ගත්තේය.

    තරඟකරුවන් දෙදෙනාගේ ඡන්ද ප්‍රමාණය සම වීම නිසා සභාපතිවරයා තෝරා ගැනීම සදහා කාසියේ වාසිය උරගා බලන්නට දකුණු පලාත් පාලන කොමසාරිස්වරයා තීරණය කරනු ලැබීය. කාසියේ වාසිය උරගා බැලීමෙන් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සභාපති ධූරය සදහා තරඟ කරන ලද W.P. ආරියදාස මහතා තංගල්ල නගර සභාවේ නව සභාපතිවරයා වශයෙන් තේරීපත් වීය.

     78 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleමගේ ළමයගේ මිනීපෙට්ටිය උඩ මම දිවුරලා ඉන්නේ – ඉෂාලිනිගේ මව
    Next Article ඩෙල්ටා ආසාදිතයින්ගෙන් සියයට 30ක් කොළඹින් – සෞඛ්‍ය අංශ

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.