ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් තවමත් සිටින්නේ පෙර සිටි මානසිකත්වයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි. ඊයේ (26) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානය තුළ ප්‍රධාන පක්ෂය නොවන බවය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහොම සුළුතරයක් රජයෙන් කෙනහිලිකම් කරනවා කියන මතයක ඉන්නවා. අපි දැක්කා එක ඇමතිවරයෙක් කියනවා ඔහුට ලැබුණේ විහිළු ඇමතිකමක් කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රීවරු තාම ඉන්නේ කලින් හිටපු මානසිකත්වයේ. ඒ කියන්නේ ඔවුන් ප්‍රධාන පක්ෂය කියන මානසිකත්වයේ. මේ වනවිට ඔවුන් සන්ධානයේ ප්‍රධාන පක්ෂය නෙමෙයි. සන්ධානයේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. දේශපාලන පරිණතභාවයක් තියෙන එතන ඉන්න නායකයෝ ඒ කාරණය තේරුම් අරන් තියෙනවා. සමහර අය ඒක තේරුම් අරන් නෑ.”
88 total views, 2 views today