අද (26) උදෑසන 7 සිට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය බස්නාහිර පළාතේ සියලුම රෝහල්වල වර්ජනයක් ආරම්භ කර තිබේ. එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, පරිපුරක හා අතුරු වෛද්‍ය සේවයේ සහ හෙද සේවයේ පවතින වැටුප් විෂමතා ගැටලු සඳහා විසදුම් ලබාදීමට කිසිදු පාර්ශවයක් මැදිහත් නොවීමට විරෝධය පළ කරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බවය.
“අද උදේ 7.00ට පරිපූරක වෛද්‍ය සේවාව, අතුරු වෛද්‍ය සේවාව සහ හෙද සේවාව සම්බන්ධ වුණ සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනය විදිහට වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා. මේ වර්ජන ක්‍රියාමාර්ගය බස්නාහිර පළාතේ සියලු රෝහල්වල පවත්වන්නට තමයි අපි තීරණය කරලා තියෙන්නේ. විශේෂයෙන් අපි මේ වෙන කොට පරිපූරක වෛද්‍ය සේවාවේ, හෙද සේවාවේ සහ අතුරු වෛද්‍ය සේවාවට ඇතිවෙලා තියෙන වැටුප් විෂමතාවය, ඒ වගේම පරිපාලන වශයෙන් එම සේවාවන්ට තියෙන ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳව අදාළ විසඳුම් ලබානොදීම කියන කාරණය මූලික කරගනිමින් වර්ජන ක්‍රියාමාර්ග 8ක් පළාත් මට්ටමින් සිද්ධ කළා. මේ සංකේතාත්මක ක්‍රියාමාර්ගවල අපේ අපේක්ෂාව වන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය රජය මේ සම්බන්ධයෙන් මැදිහත්වෙලා මේකට අදාළ සාධාරණ විසඳුම් ලබාදුනු ඇතැයි. අපිට පේන විදිහට මේ වර්ජනයට අදාළ මූලික කාරණා සාකච්ඡා කිරීමට තරම් හෝ ඒවා සඳහා විසඳුම් ලබාදීමට සමර්ථභාවයක් පෙන්නවන කිසිදු පාර්ශවක් නැති බවයි.” source-derana
84 total views, 2 views today