ඊයේ (25) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඒ.එස්.විතානගේ මහතා සඳහන් කර සිටියේ, අනවශ්‍ය වේලාවක අනවශ්‍ය ප්‍රමාණයෙන් නව දුම්රිය මැදිරි ආනයනය කරමින් රුපියල් කෝටි ගණනක මහජන මුදල් නාස්තියක් සිදුව ඇති බවයි.
“ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මේ මැදිරි 160 ගෙන එන්න. 2017,2018 වසරවලදී තමයි මේ ඇණවුම් ඉදිරිපත් කළේ. හැබැයි ඒක යහපාලන ආණ්ඩුව කාලයේ ඇණවුම් කළාට මේ මැදිරි ගෙනාවේ 2021 අවසාන වෙනතුරුම අවස්ථා කිහිපයකදී මේ මැදිරි 160 ගෙනාවා. මාලිගාවත්ත අංගනයේ මේ පෙට්ටි 160ට ගාල් කරන්න ඉඩ මදිවෙලා දෙපාර්තමේන්තුවේ ඈත පළාත්වල විශේෂයෙන්ම යාපනය, කන්නසන්තුරේ වගේ ප්‍රදේශවල මේ මැදිරි යාඩ්වල නතර කරලා තියෙනවා. ඇත්තටම දුම්රිය දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයට නොවේ මේ මැදිරි 160 ගෙනල්ලා තියෙන්නේ. එතකොට මේ පෙට්ටි 160 අඩුපාඩුකම් රාශියක් තියෙනවා.”
විශේෂයෙන්ම මේක ඉතාමත් බාල වර්ගයේ තහඩුවකින් නිර්මාණය කරපු මැදිරි ඒ නිසා දැනටමත් මෙවාගේ මළකඩ කාලා ගැලවිලා. විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම දුම්රිය මාර්ගවල ධාවනය කරන්න බැහැ. විශේෂයෙන්ම උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කරන්න බැහැ. මොකද ප්‍රමාණයෙන් ගත්විට අඩි 65කින් දිගයි. මොකද අඩි 65ක් දිග මැදිරියක් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කරන්න බැහැ. ඒ වගේම තමයි දෙපාර්තමේන්තුවට වුවමනාවටත් වඩා දුම්රිය මැදිරි තියෙන අවස්ථාවක තමයි මේ මැදිරි ගෙනාවේ. අපි බැලුවා මේ මැදිරියක කොහොමද මිල ගණන් කියලා.
මැදිරි වර්ග 7ක් ගෙනත් තියෙනවා. 3න් වෙනි පංතියේ මැදිරි 41ක් ගෙනත් තියෙනවා. එකක මිල අමෙරිකානු ඩොලර් 584,240යි. රුපියල්වලින් ගත්තොත් මේක නවකෝටි තිස්හතර ලක්ෂ හැත්තෑ නවදහස් හත්සිය එකොළහයි. දෙවැනි පන්තියේ මැදිරි 41ක් දෙවැනි පංතියේ මැදිරියක් අමෙරිකානු ඩොලර් 572,254ක් වෙනවා. ඒ සඳහා වැයකරලා තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල්වලින් ගත්තොත් රුපියල් මිලියන 3,753ක්. ඒ වගේම වායු සමීකරණ මැදිරි 35ක් ආනයනය කරලා එක මැදිරියක් අමෙරිකානු ඩොලර් 801,251ක් වෙනවා.
සාමාන්‍යෙයන් මැදිරියක් අපි නිෂ්පාදන ක්‍රමවේදයක් හැදුවානම් අපට පුළුවන්කම තියෙනවා රුපියල් කෝටි හතර හමාරක්, පහක් අතර මුදලකට මේක නිෂ්පාදනය කරන්න. පසුගිය ආණ්ඩුව වේවා. මේ ආණ්ඩුව වේවා. ඊට කලින් පැවැති ආණ්ඩු වේවා මේ කවර ආණ්ඩුවත් වුවත් මේ රටේ මහජනතාව ණයකරුවන් කරලා ඉතාමත්ම වැඩි ඉහළ මුදලකට පෙට්ටි 160ක් ගෙන එනවා දුම්රිය දෙපාර්තමේන්තුවට. හැබැයි දුම්රිය දෙපාර්තමේන්තුවට මෙය අත්‍යවශ්‍යම නැති මොහොතක.” source-derana
567 total views, 1 views today