ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ. ඊයේ (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී එම හමුව පවත්වා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. තානාපති සබඳතාවලට අදාළව අග්‍රාමාත්‍යවරයා හා තානාපති නියෝජිතයන් අතර මෙහිදි අදහස් හුවමාරු වී තිබේ.
මේ අතර අද ට (26) යෙදී ඇති ජාත්‍යන්තර රේගු දින උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන කාර්යාලයේ දී මෙම උත්සවය පැවැත්වීමට නියමිත අතර ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව සඳහන්ය.


source-derana
24 total views, 2 views today