ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට සහ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. අමරකීර්ති අතුකෝරළ මහතාගේ බිරිඳට ද කොවිඩ් වැලඳී තිබේ.
ඊයේ (24) දිනයේ දී රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැණුනි. ගත වූ දින කිහිපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටම කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබුණි. ඒ අනුව සතියක කාලයක් තුළ වෛරසය ආසාදනය වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
සරත් වීරසේකර, ශානක්‍යන් රාසමානික්කම්, සාරතී දුෂ්මන්ත, නාලක කෝට්ටෙගොඩ, රෝහිණි කවිරත්න යන මන්ත්‍රීවරුන්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වී ඇත. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ දෛනික කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම බරපතළ කරුණක් ලෙස සළකා කටයුතු නොකළහොත් ඉදිරියේදි දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවය. source-derana
32 total views, 2 views today