ශ්‍රී ලංකා කණ්ඩායම ට මුහුණ දෙන ඔස්ට්‍රේලියා විස්සයි විස්ස කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ. එම කණ්ඩායම සඳහා බෙන් මැක්ඩර්මට්, ට්‍රැවිස් හෙඩ්, මොයිසස් හෙන්ද්‍රිකස් සහ ජයි රිචර්ඩ්ස්සන් කැඳවා ඇති බව වාර්තා වෙයි. දෙරට අතර 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ලබන මස පැවැත්වෙයි.
ඒ සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට නම්කර තිබේ.
- ආරොන් ෆින්ච් (නායක)
- ඇෂ්ටන් අගාර්
- පැට් කමින්ස්
- ජොස් හැස්ල්වුඩ්
- ට්‍රැවිස් හෙඩ්
- මොයිසස් හෙන්ද්‍රිකස්
- ජොස් ඉන්ග්ලිස්
- බෙන් මැක්ඩර්මට්
- ග්ලෙන් මැක්ස්වෙල්
- ජයි රිචර්ඩ්ස්සන්
- කේන් රිචර්ඩ්ස්සන්
- ස්ටීව් ස්මිත්
- මිචෙල් ස්ටාර්ක්
- මාකස් ස්ටොයිනිස්
- මැතිව් වේඩ්
- ඇඩම් සැම්පා
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලයින් දෙදෙනෙක් වන ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාර්ෂ් මෙම තරගාවලිය සඳහා කැඳවා නැත. source-derana
300 total views, 2 views today