අද පැවති (25) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී තාවකාලික නිවාසවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක කරන ‘ඔබට ගෙයක් – රටට හෙටක්’ යන නිවාස සංවර්ධන වැඩසටහන වෙනුවෙන් නව කැබිනට් මණ්ඩල තීන්දුවක් ගෙන තිබෙනවා.ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ප්‍රතිලාභී පවුලකට රුපියල් 600,000ක උපරිමයකට යටත්ව ආධාර මුදලක් නිවාස ඉදිකිරීමේ ප්‍රගතිය මත ලබාදෙනු ලබනවා.
මෙම ව්‍යාපෘතිය 2020 වර්ෂයේ දී ආරම්භ කිරීමෙන් අනතුරුව ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් රුපියල් ලක්ෂ හයේ ආධාර මුදල මෙම කටයුත්ත සඳහා ප්‍රමාණවත් නොවීම මත එය තවත් රුපියල් 50,000කින් ඉහළ දැමීමට යෝජනා කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්. ඒ අනුව එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ අතර, ලැබෙන නව ආධාර මුදල රුපියල් 650,000ක් දක්වා ඉහළ යනු ඇති. source-hiru
40 total views, 2 views today