ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටින්නේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයින් වෙත ජලය බෙදා හැරීමේ දී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බවයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ, මෙම අවස්ථාවේ පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.
මේ දිනවල දිවයිනේ දැනට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම පහළ බැස ඇතැයි ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
එමෙන්ම ජනතාවගේ ජල පරිභෝජනය ඉහළ මට්ටමක පවතින අතර, පානීය ජල සැපයුම සීමා සහිත බැවින් එය සැමට සමසේ බෙදා හැරිය යුතු බැවින් වාහන සේදීම, ගෙවතු වගාව ඇතුළු අත්‍යවශ්‍ය නොවන කටයුතුවලට භාවිත නොකර අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිත කරන ලෙස ද එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී. source-derana
34 total views, 2 views today