විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී නීතිවිරෝධී ලෙස වගා කරන ලද ගංජා හේන් 05ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. තණමල්විල පොලිස් වසමේ ගල්කොටුකන්ද රක්ෂිත ප්‍රදේශයේ දී මෙම වැටලීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මෙහෙයුම් නුවරඑළිය, මස්කෙළිය සහ තලවකැලේ යන කඳවුරුවල නිලධාරින් සමග ඒකාබද්ධව අධි තාක්ෂණික ඩ්‍රෝන යානා භාවිත කිරීමෙන් අදාළ වැටලීම් සිදු කෙරුණා.
තවමත් මෙම ගංජා හේන් වැවූ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන නොමැති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳා එම වගාවන්වලින් ගලවා ගත් ගංජා ගස්වල සාම්පල් 10ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ගිනි තබා විනාශ කළ ගංජා පැළ ගණන 11,700ක්. ඉතිරි සියල්ල ගිනි තබා විනාශ කර ඇති අතර, වැඩිදුර විමර්ශන තණමල්විල පොලීසිය මගින් ක්‍රියාත්මකයි.
source-hiru
76 total views, 2 views today