ගොඩබිමෙන් වට වූ බටහිර අප්‍රිකානු බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදාව එරට බලය අත්පත් කරගෙන ඇති අතර, ජනාධිපති හොක් කබෝරේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. හමුදා කැරැල්ලේ නායකයා ලෙස සැලකෙන ලුතිනන් කර්නල් ෆෝල් හෙන්රි ඩමීබා විසින් නිකුත් කළ රජය අත්පත් කර ගැනීමේ නිවේදනය හමුදා නිලධාරියෙකු විසින් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ කියවා ඇති බව සදහන්.
හමුදාව විසින් බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ බලය මෙලෙස පැහැරගෙන ඇත්තේ ඉස්ලාමීය අන්තවාදීන් මැඩලීමට රජය අපොහොසත් බව පවසමින්. අයි.එස්. අනුගාමික ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් බුර්කිනා ෆාසෝ වෙත පැමිණියේ යාබද මාලි රාජ්‍යයේ සිටයි.
කෙසේ නමුත් මෙලෙස හමුදාව විසින් බලය පැහැර ගැනීම අප්‍රිකානු සංගමය මගින් හෙලා දැක ඇති අතර ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් කියා සිටියේ හමුදා භාරයේ සිටින ජනාධිපති කබොරේගේ ආරක්ෂාව පිළිබදව ඔවුන් වගකිව යුතු බවයි.
ප්‍රංශයේ යටත් විජිතයක්ව පැවති බුර්කිනා ෆාසෝ රාජ්‍යය 1960 වසරේ නිදහස ලැබූ දා පටන් හමුදා කුමන්ත්‍රණ රැසකට මුහුණ දුන්නා. source-hiru
90 total views, 2 views today