ඉදිරියේදී දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පොල්තෙල් ද පිරිපහදු කිරීම අනිවාර්ය බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා. ඇතැම් පුද්ගලයින් පිටරටින් ගෙන්වන පොල් තෙල් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර නිකුත් කිරීම නිසා වෙළදපොළේ පොල්තෙල් හිගයක් මෙන්ම මිල ඉහළ යාමක් ද පෙන්නුම් කර ඇති බවයි එම මණ්ඩලයේ සභාපති කීර්ති වීරසිංහ සදහන් කළේ.
වර්තමානයේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 700 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඉදිරියේදී පොල්තෙල් පෝලිම් ද ඇති විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළා. සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය මීට පෙර සඳහන් කළේ පිටරටින් ගෙන්වන පොල්තෙල් ප්‍රමිතියෙන් තොර බවටයි.
එමෙන්ම, දේශීය කර්මාන්ත ආරක්ෂා කළ යුතු පොල් සංවර්ධන මණ්ඩලය, ආනයනකරුවන් වෙනුවෙන් පෙනීසිටීම ගැටලුසහගත බව ද එම සංගමය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, පොල් සංවර්ධන මණඩලයේ සභාපති කීර්ති වීරසිංහ අදහස් දක්වමින් සදහන් කළේ පිටරටින් ගෙන්වන පොල්තෙල් සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති අතර ඒවා පරිභෝජනයට ඉතා සුදුසු තත්ත්වයේ පවතින බවයි. source-hiru
44 total views, 2 views today