මේ වසරේදී කොරෝනා වසංගතය මිහිපිටින් තුරන් කිරීමට හැකියාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ප්‍රකාශ කළා. ජිනිවා නුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සඳහා එන්නත් සහ ප්‍රතිකාර සඳහා සමාන අවස්ථා සහතික කිරීමට සියලු රටවල් කටයුතු කළ යුතු බවයි.
කොරෝනා වෛරසයේ සහ එහි ප්‍රභේදයන් හි ආසාදිතයන් හඳුනා ගැනීම මෙන්ම අවශ්‍ය සීමාවන් පැනවීම ඒ සඳහා වැදගත් වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ මැද භාගය වන විට ලොව සෑම රටක්ම සිය ජනගහනයෙන් අවම වශයෙන් සියයට 70ක් පූර්ණ එන්නත්කරණයට ලක් කළ යුතු බවයි.
ඔහු මේ බව ප්‍රකාශ කරද්දී ගත වූ සතියේ සෑම තත්ත්පර 3කට වරක් ලොව කොරෝනා ආසාදිතයන් 100ක් සොයා ගැනුණු අතර සෑම තත්ත්පර 12කට වරක් මරණයක් වාර්තා වුණා. කොරෝනා වෛරසයෙන් මේ වන විට මිය ගිය ලෝකවාසීන්ගේ සංඛ්‍යාව මිලියන 5.5කට අධිකයි. ලොව නැවතත් කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇත්තේ ඔමික්‍රොන් ප්‍රභේදය හේතුවෙන්. source-hiru
190 total views, 1 views today