What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»තෙල් නැව් නිදහස් කරගැනීමට මහ බැංකුවෙන් ඩොලර්
    Local

    තෙල් නැව් නිදහස් කරගැනීමට මහ බැංකුවෙන් ඩොලර්

    writerBy writerJanuary 25, 2022No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ මුහුදේ නැංගූරම්ලා ඇති ඉන්ධන නෞකා දෙකෙහි ඉන්ධන නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ලබාදීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාවය පළකළ බවයි. විදුලි අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (24) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත  අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    එමෙන්ම විදුලිබල මණ්ඩලයෙන්, බලශක්ති අමාත්‍යාංශයට ගෙවීමට ඇති ණය මුදල් පියවීමට අවශ්‍ය පියවර ගැනීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා.

    “පහුගිය වතාවේ විදුලිබල මණ්ඩලය කිව්වේ 22වනදා වෙනකම් පමණයි දැවි තෙල් අවශ්‍ය  කියලා. දැන් එය 30වනදා දක්වා ඉල්ලනවා. එතකොට අපි එයට විසඳුමක් ලෙස අද මුහුද මැද තියෙන ඩිසල් නැව බාලා දුන්නොත් අපි ඩිසල් සහ දැවිතෙල් වලින් දෙකෙන්ම විදුලි නිෂ්පාදනය කරන්න පුලුවන් වෙස්ට්කෝස්ට් විදුලි බලාගාරයට දැවිතෙල් වෙනුවට ඩීසල් ලබාදීලා. එතකොට සපුගස්කන්දේ දැනට නතර කරලා තියෙන දැවිතෙල් විදුලි බලාගාරයට දැවිතෙල් ලබා දීමට අපි එකඟතාවය පළකළා. ඒ අනුව මහබැංකු අධිපතිතුමාට වහාම මේ ඩීසල් නැව නිදහස් කරලා දෙන්න කිව්වා. ඒ අනුව අපි ඔවුන් ඉල්ලා සිටි ඩීසල් සහ දැවිතෙල් ප්‍රමාණයන් ලබා දෙන්න කටයුතු කරනවා. 

    ඒ වගේම අපි පෙන්වලා දුන්නා අපිට රුපියල් බිලියන 93ක් විදුලිබල ක්ෂේත්‍රයෙන් ණයයි කියලා. එතකොට ජනාධිපතිතුමා ඒ ණය ටික ගෙවන්න විදුලිබල මණ්ඩලයට අවශ්‍ය මුදල් නිදහස් කරන්න භාණ්ඩාගාරයට ‍උපදෙස් දුන්නා. ඉදිරියේ දී විදුලිබල මණ්ඩලයට ඉන්දියානු ණය පහසුකමක් යටතේ සෘජුව ඒ අයට අවශ්‍ය කරන ඩීසල් සහ දැවිතෙල් ලබා ගැනීමටත් අපි එකඟතාවය ලබා දුන්නා. දැනට මුහුද මැද තියෙන නැව් දෙකට ඩොලර් ලබා දීමට මහ බැංකුවේ අධිපතිතුමා එකඟතාවය පළකළා”

    source-derana

     68 total views,  6 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleවගා හානි වෙනුවෙන් වන්දි ගෙවන්න රුපියල් බිලියන 40ක්
    Next Article පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීමට App එකක්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.