පොසිල ඉන්ධන සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මෝටර් රථ කර්මාන්තයේ විවිධ වෙනස්කම් සිදුවෙමින් පවතී. විශේෂයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ සඳහා අනාගතයේදී වැඩි ඉල්ලුමක් ඇතිවීමට ඉඩ ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ සඳහා මේ වනවිට ලොව විවිධ සමාගම් ලක ලැහැස්ති වෙමින් සිටී.
මේ අතර ප්‍රංශයේ රෙනෝල්ට් සමාගම සහ ජපානයේ නිසාන් හා මිට්සුබිශී සමාගම් එකතු වී විදුලි වාහන නිෂ්පාදනය ට තීරණය කර ඇති බව වාර්තා විය. ඒ සඳහා ඔවුන්ගේ ආයෝජන වැඩි කිරීමට සැලසුම් කර තිබේ. ප්‍රංශ සහ ජපාන සමාගම් එකමුතුව අනාගත විදුලි වාහන ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදනය වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙයි.
ඒ අනුව ඉදිරි වසර 5 තුළදී ඩොලර් බිලියන 23ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ. එහිදී කාණ්ඩ 5ක් යටතේ 2030 වනවිට විදුලි වාහන මාදිලි 30ක් පමණ නිර්මාණය කිරීම එම සමාගම්වල සැලසුම වී තිබේ. source-derana
542 total views, 2 views today