විදුලි කප්පාදුවකින් තොරව ඉදිරියට යා හැකි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා පවසයි. පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
“බොහෝම සාර්ථකයි සාකච්ඡාව. අපි විදුලිය කපන්නේ නැතුව යන්න වැඩපිළිවෙලක් ලෑස්ති කරා. විදුලිබල මණඩලයයි, තෙල් සංස්ථාවයි තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාව තිබ්බේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. මමත් බලශක්ති ඇමති තුමත් අවශ්‍ය නිලධාරින් හිටියා. එතැන දී ජනාධිපතිවරයා කිව්වා විදුලිය විසන්ධි නොකර යන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න කියලා.”
ප්‍රශ්නය – තෙල් තියෙනවා ද?
“ඔව් තෙල් දැනට තියෙනවා. ඉදිරියේ දී තෙල් ලබාගන්න ලෑස්ති කළා.”
ප්‍රශ්නය – එයට අවශ්‍ය සල්ලි තියෙනවා ද?
“ඔව්”
ප්‍රශ්නය – ඒ කියන්නේ විදුලිය කපන්නේ නෑ
“සිදුවන්නේ නෑ.”
ප්‍රශ්නය – ඉංජිනේරුවෝ කියනවා නේ අද පැයක් හෙට පැය දෙකක් කපන්න වෙනවා කියලා.
“ඉංජිනේරුවෝ කියන එක නෙමෙයි. ගත්ත තීන්දුව මං ප්‍රකාශ කළේ. විදුලිබල මණ්ඩලයෙන් ඇවිල්ලා හිටපු ඉංජිනේරුවොත් ඒක පිළිඅරන් එකඟ වුණා. ඒ අයත් කිව්වා පුළුවන් කියලා.”
ප්‍රශ්නය – ගම්මන්පිල මහත්තයාගේ මතය කොහොම ද?
“එතුමත් සාකච්ඡාවේ වාඩිවෙලා හිටියා. එතුමාට තෙල් ගෙන්වන්න අවශ්‍ය මුදල් රජයෙන් ලබලා දුන්නා.”
ප්‍රශ්නය – විදුලි කප්පාදුවක් සිදුනොකළොත් ගැටලුවක් නැද්ද ?
“නෑ ඒක ගැටලුවක් නෑ. ඒකට අවශ්‍ය ක්‍රම සංවිධානය කරනවා.”
කෙසේවෙතත් සපුගස්කන්ද විදුලි බලාගාරය අක්‍රීය වීම හේතුවෙන් අද (24) පස්වරුවේ පැයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පැවසීය. ඒ අනුව කාණ්ඩ 04ක් යටතේ විදුලි කප්පාදුව සිදුකෙරෙන බව එම සංගමය සඳහන් කළේය.
A කාණ්ඩය යටතේ පස්වරු 05.30 සිට 06.30 දක්වා, B කාණ්ඩය යටතේ පස්වරු 06.30 සිට රාත්‍රී 07.30 දක්වා, C කාණ්ඩය යටතේ රාත්‍රී 07.30 සිට රාත්‍රී 08.30 දක්වා සහ D කාණ්ඩය යටතේ 08.30 සිට 09.30 දක්වා විදුලි කප්පාදුව සිදුකෙරේ.
source-derana
56 total views, 2 views today