ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබේ. ඔවුන් විසින් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 22කින් පරාජය කර එම ජයග්‍රහණය වාර්තා කර තිබුණි.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග මැලේසියාවේ පැවැත්වෙයි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 136ක් රැස් කළෝය.
එහිදී චමරි අතපත්තු ලකුණු 48 රැස්කළාය. පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම රැස්කළේ කඩුලු 5ක් දැවී ලකුණු 114ක් පමණි. source-derana
239 total views, 1 views today