What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය යළි කොවිඩ් රෝගීන් ට වෙන් කෙරේ
    Local

    ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය යළි කොවිඩ් රෝගීන් ට වෙන් කෙරේ

    writerBy writerJanuary 24, 2022No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසා සිටින්නේ එම රෝහලේ දැඩි සත්කාර ඒකකය නැවතත් කොවිඩ් රෝගීන් සදහා වෙන් කිරීමට සිදුව ඇති බවයි. දෛනිකව පැමිණෙන කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් රෝහලේ සිදුකරන සාමාන්‍ය ශල්‍යකර්ම සඳහා ප්‍රමුඛතාවය ලබාදීම ද අඩු වී ඇති බවද ඔහු පැවසුවේය.

    “නැවත වතාවක් ශ්‍රී ලංකාව තුළ කොවිඩ් -19 රෝගය විශාල වශයෙන් පැතිරෙන බව අපිට පෙනී ගිහින් තියෙනවා. මං හිතන්නේ ලංකාවේ විශාල ප්‍රමාණයක් එන්නත්කරණය වෙලා තියෙනවා. එන්නත්කරණය ලබාගෙන තිබුණත් අපි පරිස්සම්වීම ඉතාම වැදගත්. මොකද පරිස්සම් වුණේ නැත්නම් එන්නත්කරණය කරලා තිබුණත් යම්කිසි ප්‍රමාණයක අවධානමක් තියෙනවා අපිට කොවිඩ් -19 රෝගය වැලඳීමට. අද වෙනකොට ජාතික රෝහලට කොවිඩ් රෝගීන් ඇතුළුවීමේ වැඩිවීමක් අපිට දක්නට ලැබෙනවා. රෝහල පහුගිය කාලයේ කොවිඩ් -19 අයින්වෙලා නැවත වතාවක් සාමාන්‍ය රෝගීන්ට සාමාන්‍ය ශල්‍යකර්මවලට ප්‍රතිකාර කිරීම ආරම්භ කරා. දැන් නැවත වතාවක් සාමාන්‍ය ශල්‍යකර්මවලට තියෙන ප්‍රමුඛතාවය අඩු කරලා, කොවිඩ් -19 රෝගීන් බලාගැනීමටත් එම රෝගීන්ට දැඩි සත්කාර ඒකක වෙන්කිරීමටත් සිදුවෙලා තියෙනවා.”

    මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ, පාසල් ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වීම මේ දිනවල ඉහළ ගොස් ඇති බවය.

    “විශේෂයෙන්ම මේ දිනවල පාසල්වල විශාල වශයෙන් ආසාදිතයෝ වාර්තා වෙනවා. සංවෘත පන්ති කාමර තියෙන පාසල්වල දරුවන් පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඒ වගේම දරුවන් විශාල ප්‍රමාණයක් පන්තිකාමරයක රැඳිලා ඉන්න තැන්වල විශාල වශයෙන් ආසාදිතයෝ වාර්තා වෙනවා. ආසාදිතයෙක් වාර්තා වුණොත් විශාල පොකුරක් වාර්තා වෙනවා. පාසල් දරුවන් ගැන  දෙමාපියන් හා ආචාර්ය මණ්ඩලය විශේෂ අවධානයකින් කටයුතු කරන්නේ නම් මේ තත්ත්වය යම් දුරකට මඟහරවා ගත හැකියි.”

    මේ අතර අවුරුදු 12ත් 19ත් අතර වයසේ පසුවන ළමුන් සදහා ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

    “ක්‍රමිකව පසුගිය දවස් 10 තුළ කොවිඩ් රෝගීන්ගේ ඉහළ යෑමක් අපට දක්නට ලැබෙනවා. ඒ වගේම දැඩි සත්කාර ඒකකවලට ඇතුළු වන රෝගීන් ප්‍රමාණය, ඒත් එක්කම ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය සුළු වශයෙන් නමුත් ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. ඉතින් මෙහි යම්කිසි අනතුරු ඇඟවීමක් සංඥාවක් තමයි අපිට ලැබෙන්නේ. සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරනවා. ජනතාවගේ පැත්තෙන් අපිට සහයෝගය අවශ්‍යයි. අනතුරක් තියෙන බව තේරුම් අරගෙන පරිස්සමින් කටයුතු කරන්න.” source-derana

     34 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleසෑම අයෙකුටම ඩිජිටල් පසුම්බියක් ලබාදීමට රජයෙන් සැලසුම්
    Next Article ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුවිශේෂ ජයක්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.