What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»රන්ජන් ට අධිකරණයෙන් ලැබුණු නියෝගය
    Local

    රන්ජන් ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

    writerBy writerJanuary 24, 2022No Comments1 Min Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් දැනට සිරදඬුවම් විදින හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන දෙවන පැමිණිල්ල මාර්තු මස 09 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එම පැමිණිල්ල අද (24) එස් තුරෙයි රාජා , යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශාන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් එම නඩුව කැඳවීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැමිණිල්ල නැවත මාර්තු මස 09 වනදා කැඳවන ලෙස නියම කළේය.

    මෙහිදී විනිසුරු තුරෙයි රාජා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයාට බන්ධනාගාරය තුළදී මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යයන කටයුතුවල නිරත වීම සඳහා අවස්ථාව සැලසී ඇති බව දන්වා සිටියේය.

    2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල පිළිබඳව රූපවාහිනී වැඩසටහනකදී රන්ජන් රාමනායක මහතා දැක්වූ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව සඳහන් කරමින් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි. source-derana

     38 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleවිදුලිය කැපෙන වේලාවන්
    Next Article උපාධි පාඨමාලා සඳහා පොලී රහිත ණය ක්‍රමයක්

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.