What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»විදුලිය කැපෙන වේලාවන්
    Local

    විදුලිය කැපෙන වේලාවන්

    writerBy writerJanuary 24, 2022No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අද (24) රාත්‍රියේදී මෙන්ම හෙට ‍(25) දිනයේදී පවතින අර්බුදය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුව ඇති බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි. එහි කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා ප්‍රකාශ කළේ,

    අද පස්වරු 05.45 සිට රාත්‍රී 09.30 දක්වා පැයක කාලයක් සහ හෙට දහවල් 01.30 සිට රාත්‍රී 09.30 දක්වා කාණ්ඩ 4 ක් යටතේ පැය 2 ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බවය.

    “මේ වනවිට සපුගස්කන්ද විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා දැවි තෙල් නැතිවීම හේතුවෙන්. ඊට අමතරව බාච් විදුලි බලාගාරය සඳහා තව පැය 7කට වගේ ප්‍රමාණවත් වන පරිදි පමණයි දැවිතෙල් තියෙන්නේ. උතුරු ජනනි විදුලි බලාගාරය සඳහා තව දවස් දෙක හමාරකට පමණ දැවිතෙල් තියෙනවා. තව දවස් තුනහමාරකට විතර තමයි කැලණිතිස්ස විදුලිබලාගාරය සඳහා ඩීසල් ප්‍රමාණවත් වෙන්නේ. මේ විදියට බලද්දි අද රාත්‍රියේ විදුලි ඉල්ලුමට මෙගා වොට් 100ක පමණ අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා රාත්‍රි කාලයේ බොහෝ විට පැයක පමණ විදුලි කප්පාදුවක් හවස 5.45 සිට 9.30 වගේ වෙනකල් යන්න බොහෝවිට ඉඩකඩ තියෙනවා. හෙට ඉඳලා දවල් 1.30 සිට රාත්‍රී 9.30 පමණ දක්වා කාණ්ඩ 4ක් යටතේ, පැය 2ක කාලයක්  බොහෝවිට කප්පාදුවක් කරන්න සිද්ධවෙනවා දැවිතෙල් නැතිවීම හේතුවෙන්. නමුත් තව දවස් තුනකින් පස්සේ අපිට ඩීසල් නොලැබුණොත් මේ විදුලි කප්පාදුව පැය 3ක් දක්වා වර්ධනය වෙන්න බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා.” 

    මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා වන ඉල්ලීම මහජන උපයෝගීතා කොමිශන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ඊට අදාළ අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ. මේ සඳහා විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වීමට නියමිතය.

    source-derana

     76 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleවිදුලිය කැපෙන වෙලාව දීර්ඝ වෙයි..?
    Next Article රන්ජන් ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.