What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Tuesday, May 24
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»අද සහ හෙට විදුලි කප්පාදුවක්…?
    Local

    අද සහ හෙට විදුලි කප්පාදුවක්…?

    writerBy writerJanuary 24, 2022No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අද (24) පෙරවරු 11න් පසු පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඉන්ධන නොමැතිකම හේතුවෙන් මේ වන විට සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර මුළුමනින්ම අක්‍රීය තත්ත්වයේ පවතියි. ඒ හේතුවෙන් මෙගාවොට් 400කට ආසන්න විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වී තිබේ.

    එමෙන්ම දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය ද අවම මට්ටමක පවතියි. පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පෙන්වා දෙයි. අද (24) සහ හෙට (25) යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවද ඔවුන් සඳහන් කළේය.

    ‍මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පත්කිරීමට අදාළව අධිකරණය විසින් ලබාදී ඇති තීන්දුවට අනුව කටයුතු නොකළහොත් දැනට සිදුකරන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩිකරන බව විදුලි ඉංජිනේරුවරුන් පවසයි.

    ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා,

    “අපට ආරංචියක් තියෙනවා තැවතත් බෝඩ් එක රැස්වෙනවා කියලා. ඒ බෝඩ් මීටිමේදී නීතිපතිවරයා දීපු උපදෙස් අනුව, ඇමතිවරයා දීපු අනුමැතිය අනුව, ජනාධිපතිවරයාත් මැදිහත්වෙලා කියලා තියෙනවා. ඒ වගේම ගරු අධිකරණයෙන් දුන් තීන්දුවේ 5.1 වගන්තිය අනුව ජ්‍යෙෂ්ඨතම ඉංජිනේරුවා වන ආචාර්ය අබේසේකර මහතා සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්කරගත්තේ නැත්නම් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඉතාම දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් බවට පත්කරනවා. මොකද එහි වගකීම සම්පූර්ණයෙන්ම මේ සභාපතිවරයා සහ මේ අර්බුදවලට විදුලිබල මණ්ඩලය තල්ලුකරන සියලුදෙනාම භාරගන්න ඕනේ අපි මේ සභාපතිවරයා පිළිබඳවත් තීරණයක් ගන්නවා.” source-derana

     32 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleබස් මගීන්ට අලුත් ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට යයි
    Next Article රංජන් රාමනායකව අධිකරණයට රැගෙන එයි

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     91 total views,  2 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.