ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර දේශසීමාවේ ඉන්දීය ජාතික පවුලක් සිය මෝටර් රථය තුල අධි ශිතලට ලක්ව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අදහස් පළ කර තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ මෙය සියල්ලන් අවදි කරවන ඛේදවාචකයක් වන අතර මිනිස් ජාවාරම වැලැක්වීමට සිය රජය කළ හැකි සියලු දෑ කිරීමට සූදානම් බවයි.
කැනේඩියානු සංක්‍රමණික නිලධාරින් පවසන පරිදි වැඩිහිටි යුවලක් සහ යෞවනයෙකු මෙන්ම ළදරුවෙකු ද මෙලෙස අධි ශිතලට ලක්ව මියගොස් තිබෙනවා.
ඔවුන් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූවන් බව සඳහන්. මෙලෙස ඇමෙරිකාවේ සිට කැනඩාව වෙත දේශසීමාව හරහා සංක්‍රමණිකයන් පැමිණිම අසාමාන්‍ය සිද්ධියක් වන අතර එවැනි සිදුවීම් ඉහළ ගොස් ඇත්තේ ජනපති ට්‍රම්ප්ගේ පාලන සමය තුලයි. source-hiru
122 total views, 4 views today