කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා විසින් පෙරේදා (19) නියෝග කර තිබුනේ සාරා ජෙස්මින් යටතේ අවි පුහුණුව ලැබූ කාන්තාවන් 10 දෙනකු නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ඒ මෙම සැකකාරියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් හස්තුන්ගෙ බිරිඳ, පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් ලෙස එලෙස හඳුනාගෙන තිබුණි.
අන්තවාදී මත ප්‍රචාරය කිරීම හා මුස්ලිම් රාජ්‍යයක් බිහිකිරීම සඳහා මෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර සූදානමක් ඇතිව අන්තවාදී දේශනවලට සහභාගී වී දිවුරුම් දුන් බව කියන මෙම සැකකාරියන් දසදෙනා, පුහුණුව ලබා ඇත්තේ, හම්බන්තොට සිත්තිකුලම, කාන්තන්කුඩි කරවලනගර්, නුවරඑළිය බ්ලැක් පූල් යන කඳවුරුවලදී බව අධිකරණයේදී අනාවරණ වී තිබුණි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, අන්තවාදී දේශන හා අවි පුහුණුව සඳහා සහභාගී වී දිවුරුම් දුන් සැකකරුවන් 25 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඒ අතර කාන්තාවන් 16 දෙනකු සිට ඇති බවත්ය. හඳුනාගත් සැකකරුවන් 25 දෙනා අතුරින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සැකකරුවන් හැර සෙසු සැකකරුවන් මියගොස් හෝ අතුරුදන් වී ඇති බවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණ හමුවේ ප්‍රකාශ කළේය.
source-derana
48 total views, 2 views today