What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Friday, March 31
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Entertainment»ශ්‍රී ලංකාවේ “රයිනෝසිරස්” සතුන් ජීවත් වූ බවට සාක්ෂි
    Entertainment

    ශ්‍රී ලංකාවේ “රයිනෝසිරස්” සතුන් ජීවත් වූ බවට සාක්ෂි

    writerBy writerJanuary 19, 2022No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    මීට වසර 26කට පෙර හමුවූ රයිනෝසිරස් පොසිල කොටස් හමුවූ මඩොල්සිම හා රිලා උළු කඳු පාමුළ පිහිටි ලුණුගල මළඅමුණ වෙල්යායේ තවදුරටත් කැණීම් සිදුකළ යුතු බව සත්ත්ව විශේෂඥයෝ පවසති. අඩි 62ක් ගැඹුරු මැණික් පතලකින් 1996 වසරේදී එම පොසිල කොටස් හමුවී තිබුණේ මොහොමඩ් කාසිම් නැමැති පතල් හිමිකරුවාටය.

    “මේ කටුව හම්බ වුණේ අතන. මම ගන්නකොට කටු ගොඩක් තිබ්බා. ගන්න බැරි වුණා. හාස්කමක් වගේ එකක් තියෙනවා. ඒ හරියට යනකොටම මොකක් හරි වැස්සක් හරි ඇවිල්ලා එක්කෝ කඩාගෙන වැටෙනවා. යටවෙනවා. ගන්නම බෑ. මම කොච්චරත් ට්‍රයි කරා. ඒක වෙන ක්‍රමයකින් ගන්න ඕනේ කියලා රජයෙන් අරහෙන් මෙහෙන් බැලුවා.”

    මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සත්ව විශේෂඥ කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ, එම රයිනෝසිරස් පොසිල කොටස් මීට වසර 80,000කට පමණ පෙර ජීවත් වූ රයිනෝසිරස් මවකගේ සහ පැටවකගේ බවට හඳුනාගත් බවය.

    “රයිනෝසිරස් හිස්කබල් දෙකක් තමයි පොළොව යට තිබිලා තියෙන්නේ. මේක කොච්චර පරණ ද කියලා පරීක්ෂා කළා විශේෂ යන්ත්‍රයක් මාර්ගයෙන්. මේක අදින් වසර 80,000ක් පරණයි. ඒකෙන් හැඟෙනවා ලංකාවේ රයිනෝසිරස් ජීවත්වෙලා තිබුණු බව. මට හිතෙනවා එතන වැටිලා හිටියේ රයිනෝසිරස් අම්මෙකුයි පැටියෙකුයි කියලා. මොකද එක හිස්කබලක දත් ළපටියි. අනිත් හිස්කබලේ දත් මෝරලා. අඩි 62කින් තාමත් මිහිදන් වෙලා තියෙනවා.  මේ ලංකාවේ ජීව විද්‍යාත්මක ඉතිහාසයේ ඉතාම සුවිශේෂ සාධකයි. මේ අඩි 62කම අපිට හාරන්න සිද්ධවෙනවා හිස් කබල් දෙකේ ඉතුරු ටික අපිට හොයා ගන්න නම්. සත්තු දෙන්නාගෙම පොසිල තියෙනවානම් සම්පූර්ණ ශරීරවල ඒක ඇත්තටම වැදගත් වෙනවා.”

    source-derana

     595 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleසුපිරි ව්‍යාග්‍ර මව “කොලර්වාලි” අවසන් ගමන් යයි
    Next Article පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව පත් කෙරේ

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     638 total views,  1 views today

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2023 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.