ඊයේ (18) දිනයේ ඉතිහාසයේ මුල්වරට කොළඹ කොටස් වෙළෙඳපොළේ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම දී රු. ට්‍රිලියන 6 සීමාව ඉක්මවා යන ලදී. ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 6.04 ක් හෙවත් රු. බිලියන 6,045.33 ක් ලෙසින් සටහන් වුණි.
සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.
මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ. මේ අතර අද දිනයේ ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,457.20 ක් ලෙසින් සටහන් වුණි. එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 118.71 ක ඉහළ යාමක් වේ.
තවද S&P SL20 දර්ශකය ඒකක 63.51 කින් ඉහළ ගොස් එය ඒකක 4,618.45 ක් ලෙසින් වාර්තා විය. මෙම දර්ශක අගයයන් දෙකම මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී තිබෙන ඉහළම දර්ශක වටිනාකම් වේ. රු. බිලියන 7.11 ක පිරිවැටුමක් අද දින ගනුදෙනු හරහා වාර්තා විය. source-derana
120 total views, 1 views today