
මීට වසර 60 කට පෙර වඳවීමේ තර්ජනයට ලක්වූ සතෙක් පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ, ලෝකයේ දුර්ලභම මාෂුපියල් සත්ත්වයා වන කැන්ගරු මීයා පිළිබඳවයි. Gilbert’s Potoroo යනු නිශාචර, දිලීර වලට කැමති මී කැන්ගරු විශේෂයක් වනවා. ස්වභාව විද්‍යාඥ ජෝන් ගිල්බට් සඳහන් කර ඇත්තේ ඔහු 1838 දී ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී සිටියදී මෙම සතුන් පිළිබඳව ප්‍රථම වරට ලේඛනගත කළ බවයි.
කෙසේ වෙතත්, 1870 ගණන් වන විට මොවුන් වඳ වී ගොස් ඇති බවක් පෙනෙන්නට තිබුණා. එයට හේතුව ආක්‍රමණශීලී විලෝපිකයන් සහ ආදිවාසී ජනයා විසින් මොවුන්ව දඩයම් කිරීමයි. කෙසේ වෙතත්, බටහිර ඕස්ට්‍රේලියානු නගරයක් වන ඇල්බනිට සැතපුම් 22 ක් නැගෙනහිරින් පිහිටි Two Peoples Bay හිදී මෙම සතුන්ගේ කුඩා ගහනයක් හඳුනා ගැනීමට හැකිවී තිබෙනවා. ඒ, 1994 වසරේදීයි.

1962 දී ටූ පීපල්ස් බේ හි ආරක්ෂාව සඳහා පිලිප් කුමරු බලපෑම් කර තිබෙනවා. එයට ස්තූතිවන්ත වන පරිදි ප්‍රදේශය ආරක්ෂා වූ බව සඳහන්. නමුත් ආදිපාදවරයා නොපැහැදිලි කුඩා සත්වයන් සිටින බව නොදැන සිට තිබෙනවා. කෙසේ වෙතත්, Gilbert’s Potoroo හි ගහනය දැන් 100 ඉක්මවා ඇති බව සඳහන්. මේ හේතුවෙන් විශේෂඥයින් මෙම සතුන්ගේ දිගුකාලීන පැවැත්මේ අවස්ථා පිළිබඳව සුභවාදී අදහස් පළ කර තිබෙනවා.
Gilbert’s Potoroo වැනි බොහෝ කලක සිට වඳ වී ගොස් ඇතැයි සිතා සිටි සතුන් ආරක්ෂා කර ගැනීමට 1962 දී පර්ත් හි සංචාරයක් අතරතුර පිලිප් කුමරු මෙම තීරණය කර තිබෙනවා. මෙම රාජකීය මැදිහත්වීමට පෙර වසර ගණනක් මෙලෙස කුඩා ගහණයක් බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රදේශයේ වාසය කර තිබෙනවා. මේ හේතුවෙන් බටහිර ඕස්ට්‍රේලියාවේ බලධාරීන් අදාළ ප්‍රදේශ තුළ ඉදිකිරීම් සැලසුම් නතර කර තිබෙනවා. අවසානයේ 1967 දී Two Peoples Bay ස්වභාවික රක්ෂිතයක් ලෙස මෙය නම් කර තිබෙනවා.

පරිණාමීය ජීව විද්‍යාඥ එලිසබෙත් සින්ක්ලෙයාර් ‘ක්වොකා’ නම් වල්ලපට්ට වැනි විශේෂයක් පිළිබඳව මෙම ප්‍රදේශයේ සංඛ්‍යා සමීක්ෂණය කරමින් සිට තිබෙනවා. ඒ අවස්ථාවේදී මෙම සතුන් ප්‍රථමවරට දැක තිබෙනවා. ඒ අනුව නිසැකවම ඔවුන් අවුරුදු 120ක් තිස්සේ නොදැනුවත්වම මේ ප්‍රදේශය තුළ ජිවත්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
පිලිප් කුමරු, මෙම ප්‍රදේශය බේරා ගැනීමට උදව් කරමින් නොදැනුවත්වම මෙම සතුන් සංරක්ෂණයට දායක වී තිබෙනවා. මී කන්ගරුවන්ව නැවත සොයා ගන්නා තෙක් හඳුනා නොගෙන ජිවත්වීමද, වඳ වී ගොස් ඇති බවට සැලකීමද සිදුව තිබෙනවා.
මේ වන විට Gilbert’s Potoroo හට හිවලුන් සහ පිඹුරන් වැනි විලෝපිකයන්ගේ තර්ජනයෙන් නිදහස්ව ජීවත් විය හැකි තවත් අවකාශයන් සොයා ගත හැකි බව Dr. Courtney පවසා තිබෙනවා. නමුත් ගැටළුවක් වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන ආහාර ප්‍රභවය වන තෘණ ගෙඩි වැනි දිලීර ප්‍රමාණවත් නොවීමයි. එය තවදුරටත් මෙම සත්ත්වයා තර්ජනයට ලක්වීමට හේතුවක් වී තිබෙනවා.
source-colombotimes
262 total views, 1 views today