හඳුනා නොගත් රිය අනතුරු හේතුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් දෙලක්ෂ පනස්දහසක් දක්වාත් ,බරපතළ තුවාල ලබන වින්දිතයින්ට රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වාත් වැඩි කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.
ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් ලබාදුන් උපදෙස් මත මෙම නව වන්දි ක්‍රමය 2022 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. අපරික්ෂාකාරී රිය ධාවනය, මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය ,ජංගම දුරකථන භාවිත කරමින් ධාවනය ආදී අනාරක්ෂිත ලෙස මාර්ගයේ ගමන් කිරීම, ප්‍රමිතියකින් නොමැති හිස් ආවරණ පැලඳීම ආදිය ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු බහුල වීමට හේතු වී තිබෙනවා.
මාරක රිය අනතුරුවලට වගකිවයුතු වාහන අතර 42%ක් යතුරුපැදි වන අතර, 12%ක් ලොරි සහ ටිපර් රථ බවයි වාර්තා වන්නේ. එමෙන්ම දිනකදී මියයන පුද්ගලයින්ගෙන් 40%ක් යතුරුපැදිකරුවන් වන අතර 30%ක් පදිකයන් හා 9%ක් පාපැදිකරුවන් බව දත්තවලින් හෙළි වනවා.
මේ අතර, අනතුරුවලින් 47%ක් සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලය තුළ සිදු වන අනතුරු බවටයි වාර්තා වන්නේ. මෙම කරුණු හෙළි වූයේ, මාර්ග අනතුරුවලට ලක් වූ වින්දිතයන් සිහි කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයකදීයි.
ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් අද (01) දින මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවති මෙම සැමරුම් උත්සවයේදී මාර්ග ආරක්ෂාව, රිය අනතුරු අවම කරගැනීම හා පදිකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් කටයුතු කළ ක්‍රියාකාරී පුද්ගලයින්ට සමරු සහ මුල්‍ය සහන ලබාදීම සිදු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු 50%කින් අඩු කිරිම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව විසින් සකසන ලද ක්‍රියාකාරී සැලැස්ම එළි දැක්වීම ද මෙහිදී සිදු කරනු ලැබුවා. source-hiru
72 total views, 2 views today