What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Monday, May 23
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»ප්‍රදේශ රැසකින් තවත් ගෑස් අනතුරු කිහිපයක්
    Local

    ප්‍රදේශ රැසකින් තවත් ගෑස් අනතුරු කිහිපයක්

    writerBy writerDecember 1, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    Facebook Twitter Email WhatsApp

    අද (01) දින තලවකැලේ, දුම්රියපොළ මාර්ගයේ නිවසක මුළුතැන්ගෙහි තිබු ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කළ ගෑස් නලය සහ ගෑස් ළිප පුපුරා ගොස් ඇති බව තලවකැලේ පොලීසිය පවසයි. උදෑසන 11ට පමණ නිවෙස්හිමියා ගෑස් උඳුනෙන් ජලය රත්කර තේ සෑදිමෙන් අනතුරුව ගෑස් ළිප ක්‍රියා විරහිර කර නිවසින් එළියට පැමිණි අවස්ථාවේ එක්වරම විශාල ශබ්දයක් ඇති තිබේ.

    පසුව ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේ දී ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගෑස් නළය සහ ගෑස් ළිප පුපුරා ගොස් ඇති බවට අනාවරණය වී ඇත. පිපිරීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර, පිපිරීම සම්බන්ධයෙන් පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ පරීක්ෂණයක් පවත්වන බව තලවකැලේ පොලීසිය පවසයි. මේ අතර, පානදුර, එළුවිල සම්සුදීන් මාවත ප්‍රදේශයේ නිවසක ද ගෑස් ළිපක් පුපුරා ගොස් ඇතැයි වාර්තා වේ. එම සිදුවීම ඊයේ (30) සවස සිදුව ඇති බව පැවසේ. ගෑස් ළිප පුපුරා යෑමෙන් නිවැසියන්ට කිසිදු හානියක් සිදුව නොමැති බව වාර්තා වේ.

    ගෑස් ළිප පුපුරා යෑමෙන් අනතුරුව ගෑස් සිලින්ඩරය නිවසින් බැහැර ස්ථානයක තබා පානදුර පොලීසියට දැනුම් දී ඇති අතර, පසුව පොලිස් නිලධාරීන් පැමිණ සිදුවීම විමර්ශනය කර තිබේ. මේ අතර,  දඹුල්ල මැණික්දෙන ප්‍රදේශයේ කාන්තාවක් ආහාර පිසිමින් සිටියදී නිවසේ මුළුතැන්ගෙයි තිබූ ගෑස් ළිප පුපුරාගොස් ඇති බවට දඹුල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

    එම කාන්තාව මේ සම්බන්ධයෙන් පවසා සිටියේ, තමන් අලුයම 5ට පමණ ආහාර පිසීම සිදුකරමින් සිටිය දී එක වරම ගෑස් ළිප ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව විනාඩි කිහිපයක් ගතවෙද්දී ගෑස් විශාල ශබ්දයක් සමග ගෑස් ළිප පුපුරා ගිය බවය. එමෙන්ම කුණ්ඩසාලේ නත්තරම්පොත ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරය ක්‍රියාත්මක කිරීමේදී ඇති වූ ගින්නකින් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබූ අතර පැයක පමණ කාලයක් ගින්න පැවති බව අසල්වාසීන් ප්‍රකාශ කළේය.

    තවද කටුගස්තොට නවයාලතැන්න ප්‍රදේශයේ නිවසකත් ගෑස් සිලින්ඩරය ක්‍රියාත්මක කිරීමේදී ළිප අසලින් ගිනිගැනීමක් හා පුපුරායෑමක් සිදුව තිබෙන අතර ගෑස් බටය ද පිළිස්සී ගොස් තිබේ. හැටන්, දිඹුල පොඩ්ලි වතුයායේ නිවසක ගෑස් නළය හා රෙගියුලේටරය පුපුරා ගොස් අනතුරක් සිදුව තිබුණේ, නිවසේ සිටි දැරියක් ළිප ක්‍රියාත්මක කිරීමට යාමේදීය.

    ගිරිඋල්ල කම්කරු නිවාස ගම්මානයේ නිවසක ළිපක් ද පුපුරා ගොස් තිබුණි. මේ අතර මහනුවර අකුරණ මැංගුස්වත්ත ප්‍රදේශයේ ප්‍රදේශයේ නිවසකද ආහාර පිසිමේ කටයුතු සිදුකරමින් සිටින අවස්ථාවේදී ගෑස් ළිප පුපුරා ගොස් තිබේ. එමෙන්ම හුංගම ඇත්බටුව ප්‍රදේශයේ නිවසක ඊයේ (30) රාත්‍රි 8.30 පමණ ගෑස් ළිප පුපුරා ගොස් ඇත්තේ ගෑස් ළිප දල්වා නොතිබූ අවස්ථාවකය. source-derana

     102 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleඊයේ (30) දින රටේ සමස්ත කොරෝනා තත්වය
    Next Article චීනයේ යලිත් කොරෝනා හිස ඔසවයි

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.