අද (01) පෙරවරු 7.00 සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය සම්බන්ධ වාර්තා නිකුත් කිරීමෙන් වළකින බව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ එකමුතුව පවසනවා. ඒ අනුව 60,000කට අධික සෞඛ්‍ය නිලධාරීන් විසින් කොවිඩ් 19 සහ අනෙකුත් රෝග සම්බන්ධ දත්ත නිකුත් නොකරන බවයි එහි සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් මහතා කළේ.
‘රනුක්ගේ කමිටු වාර්තාවේ’ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත්, අතිකාල විෂමතා නිවැරදි කරන ලෙසත්, උපාධිධාරීන්ට සුදුසු පත්වීම් ලබා දෙන ලෙසත්, ඖෂධ මිල අඩු කරන ලෙසත් එහි සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
අයවැයෙන් ද මෙම ගැටලුව විසඳීමට කිසිඳු පියවරක් ගෙන නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා. කෙසේ වෙතත්, එම ඉල්ලීම් ඉටු නොවීම හේතුවෙන් වර්ජනයක් දියත් කිරීමට තමන්ට සිදු වූ බවත්, අදාළ ක්‍රියාමාර්ග ගෙන නොපමාව මෙම ගැටළුව විසඳන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.
මේ ඒ පිළිබඳව පැහැදිලි කළ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා…
source-colombotimes
94 total views, 2 views today