එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. මේ අතර, නව ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මෙරටට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ අද යලි ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, එම ප්‍රභේදය ආසාදිත වූවන් නොදැනුවත්ව හෝ මෙරටට ඇතුළු විය හැකි බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ. එසේම, නව ප්‍රභේදයේ ආසාදිතයින් හදුනාගත හැක්කේ, නියැදි පරීක්ෂණ හරහා පමණක් බවද ඔහු කියා සිටියා. source-hiru
100 total views, 2 views today