Twitter “ට්විටර්” සම නිර්මාතෘ ජැක් ඩොර්සි එම සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඔහුගෙන් හිස් වන තනතුර සඳහා දැනට එම සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙස කටයුතු කරන පරාග් අග්‍රවාල් පත්වීමට නියමිතය.
2006 වසරේදී නිර්මාණය කළ ට්විටර් සමාගමේ සහ ස්ක්වෙයාර් නම් ගෙවීම් සිදුකරන සමාගමේද ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කළේය.
“අවසානයේදී මට යන්න වෙලාව හරි,” නිවේදනයක් නිකුත්කරමින් ඔහු පැවසීය. 45 හැවිරිදි ජැක් ඩොර්සි, 2006 වසරේදී බිස් ස්ටෝන්, එවාන් විලියම්ස් සහ නොආ ග්ලාස් සමග එක්ව ට්විටර් සමාගම නිර්මාණය කළේය. source-derana
120 total views, 2 views today