මාඔය ජලාශයේ ජල මට්ටම අධික වර්ෂාව හේතුවෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි අතර, පහත් බිම්වල වෙසෙන ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් යුතුව සිටින ලෙසයි ආපදා හා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දෙනු ලබන්නේ. මේ අතර, ඒ අනුව ගිරිඋල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මරදගොල්ල, නාඋල්ල, දිවුලදෙණිය සහ වැලිහිඳ යන ග්‍රාම නිලධාරී කොට්ඨාසවල පහත්බිම්වල සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකියි.
ඊට අමතරව මීගමුව – කුරුණෑගල මාර්ගය ගිරිඋල්ල නගරය ආසන්නයෙන් ජලයෙන් යටවීමේ අවදානමක් ද පවතිනවා. අලව්ව, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර දිස්ත්‍රික්ක 8කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරන බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ. source-hiru
108 total views, 2 views today