අද (27) දිනයේ දී රසායනික පොහොර, පළිබෝධනාශක සහ දිලීර නාශක ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ. පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ රසායනික පොහොර ආනයනය කිරීම සඳහා යළි අවසර ලබාදෙන බවය.
ඒ සඳහා රසායනික පොහොර, පළිබෝධනාශක සහ දිලීර නාශක ආනයනය කිරිම තහනම් කරමින් අප්‍රේල් මස 26 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය ද අවලංගු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. කෙසේවෙතත් ඊට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කර නොමැති අතර මේ හේතුවෙන් රසායනික පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ පොහොර සමාගම් දැඩි අර්බුදයකට පත්ව සිටී.
රසායනික පොහොර ආනයනය කිරීමේ දී යූරියා සහ ටී.එස්.පී පොහොර වර්ග ආනයනය කිරීම සඳහා අවසර හිමි වුවද එම්.ඕ.පී නමැති පොහොර වර්ගය ආනයනය කිරීම සඳහා අවසර හිමිව නොමැති බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් සිදුකළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ රසායනික පොහොර නැවත ආනයනය කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන තෙක් ඒවා ආනයනයට අදාළ අවසර ලබාදීමේ හැකියාවක් නොමැති බවය. රසායනික පොහොර ආනයනය සඳහා අවසර ලබාදුන්න ද පෙර පැවති තත්ත්වයට නොව ඒවා ආනයනය කිරීමේ දී යම් සීමා කිරීමක් සිදුකිරීමට සිදුවන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේය. source-derana
126 total views, 2 views today