What's Hot

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා

    January 26, 2022
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram YouTube
    SL NEWS
    Sunday, May 22
    • Home
    • Local
    • Foreign
    • Sports
    • Health & Beauty
    • Entertainment
    • Technology
    • Business
    SL NEWS
    Home»Local»සෞඛ්‍ය අංශයෙන් රතු එළියක්
    Local

    සෞඛ්‍ය අංශයෙන් රතු එළියක්

    writerBy writerNovember 26, 2021No Comments2 Mins Read
    Facebook Twitter WhatsApp
    People over 60 wait to receive their first dose of Sinopharm vaccine against the coronavirus disease (COVID-19) in Colombo, Sri Lanka August 5, 2021. REUTERS/Dinuka Liyanawatte
    Facebook Twitter Email WhatsApp

    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ රෝග ලක්ෂණ රහිතව රෝගය බෝ කරන පුද්ගලයන් සමාජය පුරා සිටිය හැකි බවයි. මේ අතර එළඹෙන උත්සව සමය තුළදී වඩාත් සෞඛ්‍යාරක්ෂිත ලෙස ක්‍රියාකළ යුතු බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා,


    “සෞඛ්‍ය අංශ විසින් 5000 ඉක්මවා දෛනික PCR පරීක්ෂණ මේ වනවිටත් සිදුකරගෙන යනවා, හැබැයි රටේම ජනතාවගේ PCR කළත් අපිට හමුවෙන්නේ රෝගය වැළඳුනාන් පසුවයි. අපි අපේක්ෂා කරන්නේ ඒක නෙවෙයි. රෝගය වැළඳෙන්නේ නැතුව ඉන්න එක. ඒ සඳහා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. මේ මොහොතේ එන්නත් ආවරණයත් සමඟ රෝග ලක්ෂණ රහිතව රෝගය බෝ කරන පුද්ගලයන් අප අතරම සිටිය හැකියි. ඒ නිසා අපි සියලුදෙනාම වැඩි වැඩියෙන් ආරක්ෂාවිය යුතුයි. මරණ වැඩිවීමෙන් පිළිබිඹු වනවා රෝගීන්ගේ අඩුවක් නැති බව පැහැදිළියි. පරීක්ෂණ කරලා හොයාගන්නකොට පරක්කුවෙලා වැඩියි.

    බොහෝ වෙලාවට දැකපු දෙයක් තමයි අද සාප්පු සවාරි දිනයක් හැටියට ප්‍රචාරය කරනවා. මේක ලංකාවේ තිබුණු සම්ප්‍රදායක් නෙවෙයි. අලුතෙන් එකතුවෙන දෙයක්. නමුත් මට කියන්න තියෙන්නේ අපි සාප්පු සවාරිය ආරම්භ කරනවානම් කමක් නෑ.අදම ආරම්භ කරන්න ප්‍රමාද කරන්නේ නැතුව.ඒවගේම තමා ඒ ආරම්භ කළත් ඒ සෑම අවස්ථාවකම ඒ සාප්පු සංකීර්ණ කළමනාකරණය කරන අය, මේකට සහභාගී වෙන අය සියලුදෙනාම උපරිමයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කලයුතුයි. ඒවගේම තමා හැකි ඉක්මණින් මිලදීගැනීමේ ක්‍රියාව අවසන් කරලා සුළු කාලයකින් එම ස්ථානවලින් පිටව යන්න. ඒ වගේම කල් ඇතුව සාප්පු සවාරි කරලා ඉවරකරගන්න. 

    අවුරුද්ද අවසාන වෙනකොට අපි කවුරුත් දන්නවා, බොහෝදෙනෙක් අවසාන මොහොතේ සාප්පු සවාරි යන නිසා විශාල තදබදයකට මුහුණදෙන්න ඉඩ තියෙනවා. එහෙම තත්වයක් ඇතිවුවහොත් සමහරවිට සංචරණ සීමා හෝ වෙනත් මාර්ගෝපදේශ දැඩි කිරීමක් ඇතිවෙන්නේ නැහැයි කියන්න බෑ.ඒ නිසා හැකි ඉක්මනින් සාප්පු සවාරි සෞඛ්‍ය ආරක්ෂිතව අවසන් කර ගන්න.” source-derana

     74 total views,  2 views today

    Share. Facebook Twitter Tumblr Email WhatsApp
    Previous Articleමිලියන 20කට අධික හස්ත කර්මාන්ත නිර්මාණ නැව්ගත කෙරේ
    Next Article කොළඹ, ගම්පහ නිවාස 37ක දිගුකාලීන පදිංචි පුද්ගලයින්ට සින්නක්කර ඔප්පු

    Related Posts

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    January 26, 2022

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022

    Leave A Reply Cancel Reply

    Recent Posts
    • පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් January 26, 2022
    • “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS) January 26, 2022
    • කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය January 26, 2022
    • බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක January 26, 2022
    • කෝටි ගණනක මුදල් නාස්තියක් ගැන දුම්රිය වෘත්තිය සමිති වලින් චෝදනා January 26, 2022
    Don't Miss
    Local

    පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

    By writerJanuary 26, 2022

    කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.…

     89 total views

    “ශිල්ප අභිමානී 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ (PHOTOS)

    January 26, 2022

    කොවිඩ් නොසැලකූ අගමැති ජොන්සන් ට විරෝධය

    January 26, 2022

    බස්නාහිර රෝහල්වල වෛද්‍ය වෘත්තීයවේදීන් වර්ජනයක

    January 26, 2022
    • Facebook
    • Twitter
    • YouTube
    Facebook Twitter Instagram YouTube
    • Home
    • Local
    • Foreign
    • Health & Beauty
    • Sports
    • Technology
    • Business
    © 2022 Designed & Maintenance by GOLDWEBS.lk

    Type above and press Enter to search. Press Esc to cancel.