පොලිස් අත්අඩංගුවේ පසුවූ හේවා ලුණුවිලගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා අද අලුයම කළුතරදී පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු බව පොලිසිය කියා සිටීයේය.
ඔහු සතුව තිබු පිස්තෝලයක් සහ අත්බොම්බයක් සොයාගැනීමට යාමේදි සැකකරු එම පිස්තෝලයෙන් පොලිසියට වෙඩිතබා ඇති අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් අදාළ සැකකරු මියගොස් තිබේ.
කළුතර කොට්ඨාස අපරාධ අංශයේ නිළධාරීන් දෙදෙනෙකු ද සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පැවසීය. සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි. source-derana
56 total views, 2 views today